පළාත් කිහිපයකට මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි - ආරක්ෂිත පියවර ගන්නැයි මහජනතාවට අවවාද
ඔක්තෝබර් 1 වැනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඌව, නැගෙනහිර, මධ්‍යම, උතුරු මැද සහ උතුරු පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක.
හෙට දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.
මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැක.
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂක පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.