තද වැසි සඳහා අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කෙරේ
කාලගුණ විද්‍යා ද ආයතනය විසින් තද වැසි පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර ඇත.
මෙම නිවේදනය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් ඉදිරි පැය 12 සඳහා වලංගු වන පරිදි නිකුත් කර තිබේ.
අද (14) පස්වරු 5.00ට නිකුත් කළ මෙහි දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් සහ ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට සැලකිලිමත් වන බවයි.
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (ITCZ) දිවයිනේ කාලගුණයට බලපෑම් එල්ල කරමින් සිටින බව සඳහන් වේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වනු ඇත.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100කට අධික තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා ආයතනය අනතුරු ඇඟවීම් කරයි.
එමෙන්ම තද වැසි, තද සුළං සහ අකුණු මඟින් ඇති විය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහා අවශ්‍ය පූර්ව සැලසුම් කර ගන්නා ලෙස ආයතනය ජනතාවට දන්වා සිටී.