සුළු මොහොතකට පෙර විශේෂ නිවේදනයක් - හෙට වෙන්නේ මේකයි ප්‍රවේශමෙන්
ඌව පළාතේත් මාතලේ, නුවරඑළිය, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් හෙට (07) දිනයේ විටින් විට වැසි තත්ත්වයක් ඇති විය හැකි බවට අද (06) ප.ව 02ට පමණ ජාතික කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වේ.
ඒ අනුව උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව දක්වයි.
එමෙන්ම සෙසු ප්‍රදේශවල ප. ව 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව වාර්තා වේ.
උතුරු සහ වයඹ පළාත්වලත් මාතලේ, ත්‍රිකුණාමලය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 30-40 දක්වා වන තරමක් තද සුළං ඇතිවිය හැකි බව සඳහන්.
ඊට අමතරව බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව වාර්තා වේ.
කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා මෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින බව එම නිවේදනයෙන් දැක්වේ.