කඳුකරයේ දැඩි මීදුම් තත්ත්වයක් ...ගමන් කරන්නේ ප්‍රවේශමෙන්
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන් තුල පවතින අයහපත් කාලගුණික තත්වයන් මත හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුල විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් මෙම ප්‍රදේශයන් තුල රථ වාහන ධාවනයේදි විවිධ අනතුරු ඇති විමේ අවදානමක් හට ගෙන තිබෙනවා.
හැටන් ආශ්‍රිත ප්‍රදේශයන් තුල වීශේෂයෙන් හැටන් කොළඹ, මහනුවර ප්‍රධාන මාර්ගයේ වටවල, කැරලයිනා, කඩවල, දියගල, යන ප්‍රදේශවල හා හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කොටගල, පතන දිඹුල, ලිදුල, රදැල්ල, නානුඔය, නුවරඑළිය යන ප්‍රදේශවල විටින් විට දැඩි මීදුම් තත්වයන් පවතින බවයි හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු සඳහන් කළේ.
එම නිලධාරියා වැඩිදුරටත් පැවසුවේ විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් බෝහෝ විට මාර්ගය නොපෙනි යන තත්වයන් පැවතිය හැකි බවත් මෙම තත්වයන් මත විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් පැවතිය හැකි බැවින් මෙම මාර්ගවල රථ වාහන ධාවනය කරවිමේදි තම රථ වාහවල ඉදිරි පස ලාම්පු දල්වා ඉතාමත් පරිස්සමින් තම රථ වාහන ධාවනය කර විමට පියවර ගන්නා ලෙස සියලුම රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවයි.
