සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරේ..උත්සව තහනම්..නීතී කඩන්නන්ට දැඩි ක්‍රියාමර්ග.!

covid19 Upul Rohana PHI Wedding Katina pinkama
By Sewvandhi Oct 14, 2021 03:05 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙවර කඨින චීවර පිංකම් සඳහා ද සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව කඨින පෙරහැර සංවිධානය කිරීමේදී උපරිම 30 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් පමණක් එක්කර ගත යුතු බවයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පැවසුවේ.

කඨින චීවර පූජාව සහ දහවල් දානමය පිංකම උපරිම 50 දෙනෙකුගේ සභාගීත්වයෙන් පැවැත්විය යුතු බව එම මාර්ගෝපදේශ මාලාවේ සඳහන්.

කඨිනානිසංස ධර්ම දේශනය ද උපරිම 50 දෙනෙකුගේ සහභාගීත්වයෙන් සිදුකළ යුතු බව ද බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා සඳහන් කළා.

කඨින චීවර පූජාවට අදාළ සියලු කටයුතු ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් අනුව සිදුකළ යුතු බවයි බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම , සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝණය කරමින් විවාහ මංගල උත්සව ඇතුළු විවිධ සාද පවත්වන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබියදිත් විවිධ සාද පැවැත්විම සඳහා අවසර ඉල්ලමින් දෛනිකව විශාල සංඛ්‍යාවක් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල වෙත පැමිණෙමින් සිටින බවයි ඔහු සඳහන් කළේ. මේ අතර නිරෝධායන නීති උල්ලංඝණය කිරිමේ චෝදනාවට අදාළව තවත් පුද්ගලයින් 81 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඊයේ උදෑසන 6:00 සිට අද උදෑසන 6:00 දක්වා ගතවූ කාලය තුළදියි. මේ අනුව නිරෝධායන නීති උල්ලංඝණය කිරිමේ චෝදනාවට අදාළව අත්අඩංගුවට ගෙන ඇති සමස්ථ සංඛ්‍යාව 80, 790 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර බස්නාහිර පළාතට ඇතුළුවන වාහන 743 ක් හා පුද්ගලයින් 1,338 ක් සහ බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් 893 ක් හා වාහන 492 ක් ඊයේ දිනය තුළ පොලිස් පරීක්ෂාවට ලක්කර තිබුණා.

නියමිත අවසරය නොමැතිවීම හමුවේ පුද්ගලයන් 337 ක් හා වාහන 1,455 ක් ආපසු හරවා යැවීමට කටයුතු කළ බවයි පොලිසිය පැවසුවේ.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now