"ආදරණීයයන් බලා සිටියදීම ජීවිත 11ක් අහසින් පොළොවට වැටෙයි" - ප්‍රංශයෙන් ඇසෙන කඳුළු කතාව

Report

නැගෙනහිර ප්‍රංශයේ ටොම්බ්ලේන් නගරයේදී පැරෂුට් පැනීම සඳහා පුහුණුව ලබමින් සිටි පිරිසක් රැගත් සිවිල් ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ප්‍රාදේශීය බලධාරීහු පවසති.

අනතුරින් ගුවන් යානයේ සිටි නියමුවා, උපදේශකයින් පස් දෙනෙකු සහ පළමු වරට ටැන්ඩම් පැරෂුට් පැනීම සඳහා සූදානම් වූ පුද්ගලයින් පස් දෙනෙකු ඇතුළු සියලු දෙනා මියගොස් ඇත.

පැරෂුට් පුහුණු පාසලක් විසින් භාවිතා කළ මෙම ගුවන් යානය නැන්සි-එසී ගුවන් තොටුපළෙන් ගුවන් ගත වී සුළු වේලාවකට පසු දේශීය වේලාවෙන් රාත්‍රී 11.00ට පමණ කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුරට හේතුව සොයා බැලීම සඳහා පැරිස් නීතිපති කාර්යාලය විමර්ශනයක් ආරම්භ කර ඇති බව ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ලෝරන්ට් නුනෙස් මහතා සඳහන් කළේය.

6 ශ්‍රේණියේ අලුත් ඉගෙනුම් මොඩියුල මුද්‍රණය අවසන් අදියරේ - වාර දෙකේම පොත් එකවර පාසල්වලට

6 ශ්‍රේණියේ අලුත් ඉගෙනුම් මොඩියුල මුද්‍රණය අවසන් අදියරේ - වාර දෙකේම පොත් එකවර පාසල්වලට

අනතුර සිදුවන අවස්ථාවේ පළමු ටැන්ඩම් පැරෂුට් පැනීම් නැරඹීම සඳහා ගුවන් තොටුපළේ රැස්ව සිටි මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් කිහිප දෙනෙකු එම සිදුවීම සියැසින් දැක ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මේ අතර, නැන්සි නගරයේ නගරාධිපති මැතිව් ක්ලයින් මහතා සඳහන් කළේ, වින්දිතයන්ගෙන් කිහිප දෙනෙකු සිය ආදරණීයයන් ඉදිරියේම ජීවිතක්ෂයට පත්වූ බවයි.

අනතුරින් පීඩාවට පත් පවුල්වල සාමාජිකයන් දැඩි මානසික කම්පනයකට ලක්ව ඇති බව මියුර්තේ-එට්-මොසෙල් දෙපාර්තමේන්තුවේ සභාපති චයිනෙස් කිරෝනි මහතා ප්‍රකාශ කර තිබේ.

පොසොන් බලන්න යන අයටයි.. දන්සල් දෙන අයටයි PHI සංගමයෙන් විශේෂ පණිවිඩයක්

පොසොන් බලන්න යන අයටයි.. දන්සල් දෙන අයටයි PHI සංගමයෙන් විශේෂ පණිවිඩයක්