කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ කොලෙස්ට්‍රෝල්වලට තිත තියන්න - ආයුර්වේදයේ දැක්වෙන දිව්‍යමය පානයන් 3ක් සාදාගන්නා හැටි මෙන්න

By Kanchana Jul 12, 2026 11:38 AM GMT
Report

 පුද්ගල ජීවිතේ ගොඩක්ම වටින දේ තමයි නිරෝගිකම කියලා කියන්නේ . ඉතිං ලොකු කුඩා මහළු අපි හැමෝම නිරෝගිව ජීවත් වෙන්න ඕනේ එහෙම හොදින් සෞඛ්‍යවත්ව ජීවත් වෙන්න ගුණදායක දේවල් අපි බොන්න ඕනෙ .

ඒකට ජීවිතේ අපිට පානය කළ හැකි රසවත් ගුණවත් පානයන් තමා මේ නිතර උගුරේ වේදනාව, කැස්ස හෝ සෙම්ප්‍රතිශ්‍යාව වැනි අපහසුතා ඇතිවන අයට උණුසුම් ඉඟුරු–මී පැණි පානයක් පානය කිරීම සුවදායක බව ආයුර්වේදයේ සඳහන්  වෙනවා

ඉඟුරු–මී පැණි පානය

අවශ්‍ය ද්‍රව්‍ය අඟල් 2ක් පමණ දිග ඉඟුරු කැබැල්ලක්

වතුර මිලිලීටර් 500ක්

අඟලක් පමණ දිග කුරුඳු පොතු කැබැල්ලක්

කරදමුංගු ගෙඩියක් කරාබුනැටි 2ක් ගම්මිරිස් ඇට 4–5ක්

කහ තේ හැඳි ⅛ක්

මී පැණි තේ හැඳි 2ක්

දෙහි ගෙඩි භාගයක යුෂ සාදාගන්නා ආකාරය පළමුව ඉඟුරු කැබැල්ල හොඳින් තලා ගන්න.

ඉන්පසු භාජනයකට වතුර දමා එයට තලාගත් ඉඟුරු, කුරුඳු, කරදමුංගු, කරාබුනැටි, තරමක් කුඩු කරගත් ගම්මිරිස් සහ කහ එකතු කර රත් කරන්න.

වතුර හොඳින් නටන විට තවත් මිනිත්තු 3–4ක් පමණ නටවා ලිපෙන් ඉවත් කරන්න. වෙනම කෝප්පයකට මී පැණි සහ දෙහි යුෂ දමා, පෙරාගත් උණුසුම් ඉඟුරු මිශ්‍රණය එයට එක් කරන්න. අවසානයේ සියල්ල හොඳින් කලවම් කර උණුසුම්ව පානය කරන්න.

වයස අවුරුදු එකට අඩු ළදරුවන්ට මී පැණි ලබාදීම නිර්දේශ නොකෙරේ.

එසේම, කැස්ස හෝ උගුරේ වේදනාව දිගුකාලීනව පවතීනම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සුදුසුය.

කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ කොලෙස්ට්‍රෝල්වලට තිත තියන්න - ආයුර්වේදයේ දැක්වෙන දිව්‍යමය පානයන් 3ක් සාදාගන්නා හැටි මෙන්න | Healthy And Delicious Drinks

සුදුළූණු කැඳ

ඒ වගේම සුදුළූණු කැඳ ඔබ දන්නවා සුදුළූණු කියන්නෙ හෙළ වෙදකමේදි නිතරම භාවිතයට ගැනෙන ඉතාම ගුණදායක ඖෂධයක් කියලා.

    ඒ වගේම ගත්තොත් ස්වභාවික ආහාර රස සහ සුවඳ කාරකයක්. මෙම පානය තුළින් ඔබ නොහිතන සුව දායක දේවල් ගොඩක් වෙනවා .

රුධිරයේ සීනි සහ කොලෙස්ට්‍රෝල් මට්ටම නිසි විදිහට පවත්වා ගන්න, ප්‍රතිශක්තීකරණය වර්ධනයට, හෘ ද රෝග ඇතිවීමේ අවධානම අඩු කරගන්න,

අස්ථි ශක්තිමත් කරන්න, රුධිර පීඩනය අඩු කරන්න වගේම උණ රෝගයෙන් ඇතිවන බලපෑම අඩු කරන්න හේතු වෙනවා එහෙනම්

සුදුළූණු කැඳ හදන්න අපිට අවශ්‍ය මොනවද කියල අපි මුලින්ම බලමු.

අවශ්‍ය ද්‍රව්‍ය සහල් මිටක්

සුදුළූනු බික් 10 ක් පමණ අ

අඟලක පමණ ඉඟුරු කැබැල්ලක්

පොල්කිරි කෝප්ප 01 ක් රම්පෙ කැබැල්ලක් ලුණු කුඩු සාදාගන්නා ආකාරය මුලින්ම සහල් මිටක් පමණ භාජනයකට දමා එයට වතුර කෝප්පයක් පමණ දමා සහල් හොඳින් තම්බා ගන්න.

සහල් තැම්බුණු පසු එයට පෙති කපාගත් සුදුළූණු එක්කර තම්බා ගන්න. සුදුළූණු සහ සහල් හොඳින් තැම්බී යන්තමට වතුර භාජනය අඩියේ ඉතිරිවෙන ප්‍රමාණයට වතුර හින්ඳවා ගන්න.

දැන් බත් සහ සුදුළූණු හැන්දකින් හෝ බ්ලෙන්ඩරකට දමා හොඳින් පොඩිකර ගන්න. පොඩිකරගත් බත් මිශ්‍රණයට පොල්කිරි කෝප්පයක්, රම්පා කැබැල්ලක් සහ ඉඟුරු කැබැල්ලක් එක්කර ලිපතබා ගන්න.

එයටම රස අනුව ලුණු එකතු කරන්නත් අමතක කරන්න එපා. පොල්කිරි හොඳින් නටනතුරු මඳ ගින්නෙ හැඳි ගාමින් පිසගන්න. පොල්කිරි නටන උෂ්ණත්වයට පත්වුනු පසු විනාඩි 05 ක් පමණ හැඳිගාමින් තබා ලිපෙන් ඉවත්කර ගන්න.

ඔබට කැමති නම් ගම්මිරිස් ඇට 04 ක් 05 ක් එකතු කරගන්නත් පුළුවන්.

ඉඟුරු සහ රම්පෙ කැබැල්ල ඉවත් කර මඳ රස්නෙන්ම පානය කරන්න.

දකුණු ඉන්දියානු රසම් පානය


රසවත් වගේම ඉතාම ගුණදායක පානයක් තමයි රසම් කියන්නෙ

ඉතිං මේ පානය උණ, සෙම්ප්‍රතිශ්‍යාව වගේ බෝවෙන රෝග වලින් පෙලෙද්දි වගේම ශරීර දුර්වලතා ඇති විටත් ආහාර අරුචිය ඇති අවස්ථා වලදීත් බත් සමඟ වගේම කෑමට පෙරත් ඔබට පානය කරන්න පුළුවන් .

කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සහ කොලෙස්ට්‍රෝල්වලට තිත තියන්න - ආයුර්වේදයේ දැක්වෙන දිව්‍යමය පානයන් 3ක් සාදාගන්නා හැටි මෙන්න | Healthy And Delicious Drinks

සාම්ප්‍රදායික ක්‍රමයට දකුණු ඉන්දියානු රසම් හදන්න අපිට අවශ්‍ය ද්‍රව්‍ය මෙන්න

අවශ්‍ය ද්‍රව්‍

ය ලුණු දමා වියලන ලද සියඹලා 05 ක් 06 ක් පමණ

වතුර කෝප්ප 03 ක්

දිග අතට පෙති කපාගත් සුදුළූණු බික් 06 ක්

හීන් කොච්චි 04 ක් ( සැර අනුව නයි මිරිස් හෝ අමු මිරිස් භාවිතා කල හැක)

ඉති 03 ක පමණ කරපිංචා කොළ

ගම්මිරිස් ඇට තේ හැඳි 01 ක්

සූදුරු තේ හැඳි 1 ½ ක් කොටු හැඩයට කපාගත් තක්කාලි ගෙඩියක්

පොල්තෙල් මේස හැඳි 01 ක්

අබ තේ හැඳි 01 ක්

උළුහාල් තේ හැඳි ¼ ක්

වියළි මිරිස් කරල් 03 ක්

කහ තේ හැඳි ½ ක් මිරිස් කුඩු තේ හැඳි ½ ක්

ලුණු කුඩු කුඩු කරගත් හකුරු තේ හැඳි 01 ක්

කොත්තමල්ලි කොළ සාදාගන්නා ආකාරය මුලින්ම වීදුරු භාජනයක් ගෙන එයට සියඹලා සහ වතුර කෝප්ප 01 ක් එක්කර ගන්න.

සියඹලා අතින් පොඩිකරමින් වතුර සමඟ මිශ්‍රකර තවත් හොඳින් දියවීමට පැය භාගයක් පමණ තබන්න. සුදුළූණු, කොච්චි සහ කරපිංචා සාමාන්‍ය ප්‍රමාණයට තලාගන්න.

එයටම ගම්මිරිස් ඇට සහ සූදුරුත් එක්කර තලාගෙන පසෙකින් තබන්න. දැන් සියඹලා හොඳින් පොඩිකරමින් සියඹලා දියවූ වතුර වෙනම භාජනයකට දමාගන්න.

නැවත වතුර කෝප්ප දෙකක සියඹලා පොඩිකර නැවත දියකරමින් එම වතුර කෝප්ප දෙකත් කලින් සියඹලා දියකරගත් වතුරටම මිශ්‍ර කරගන්න.

දැන් කොටු හැඩයට කපාගත් තක්කාලි එම සියඹලා මිශ්‍ර වතුරට දමා තක්කාලි කැබලි මඳක් පොඩිකරගන්න. භාජනයක් ලිපතබා (මැටි භාජනයක් නම් වඩා සුදුසුයි) එයට පොල්තෙල් එකතු කර හොඳින් රත්කරගන්න.

පොල්තෙල් රත්වූ පසු අබ සහ උළුහාල් එක්කර අබ ඇට පුපුරන විට වියළි මිරිස් කැබලි වලට කඩා එක්කර ගන්න. එයටම තලාගත් සුදුළූණු මිශ්‍රණය එක්කරගෙන හොඳින් හැඳිගාමින් විනාඩියක් පමණ තබාගන්න.

කහ කුඩු, මිරිස් කුඩු සහ රස අනුව ලුණු කුඩු එකතු කර හොඳින් කලවම් කරගන්න.

දැන් මේ මිශ්‍රණයට සියඹලා සහ තක්කාලි මිශ්‍ර වතුර කෝප්ප තුන එක්කර හොඳින් හැඳිගාමින් සාමාන්‍ය ගින්දරේ රත්කර ගන්න.

වතුර නටන උෂ්ණත්වයට පත්වූ විට එයට හකුරු කුඩු එකතු කර විනාඩියක් පමණ හැඳිගාන්න. කොත්තමල්ලි කොළ කුඩාවට කපාගෙන එයටම එකතු කර හොඳින් හැඳි ගාමින් විනාඩියක් පමණ තබා ලිප නිවා පියනකින් ආවරණය කර විනාඩි 05 ක් පමණ තබන්න.

මේ විදිහට රසම රස රසම් පානය හදාගන්න හදාගන ඔබේ රෝග දුරු කරගන්න පානය කරන්න


මේ විදිහට ඔබේ සෞඛ්‍ය යහපත්ව පවත්වා ගන්න මේ වටිනා පානයන් නිවසේදීම ඔබත් හදලා පානය කරලා බලන්න ඔබ නොහිතන නිරෝගී බවත් ඔබට ලෙඩ රෝග අඩුවීමක් ඔබට දැනෙනු ඇත    

Gallery