මෝසම් වැසි සමඟ කොළඹ තත්ත්වය භයානකයි - තවත් තුරන් කළ රෝගයක් වේගයෙන් පැතිරෙන බවට සෞඛ්‍යයෙන් අනතුරු අඟවයි
පවතින දැඩි වර්ෂාපතනය නිසා ඩෙංගු, මැලේරියාව සහ බරවා වැනි මදුරුවන්ගෙන් බෝවන රෝග පැතිරීමේ අවදානමක් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.
ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී මේ සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වා ඇත.
එහිදී මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 27,754ක් වාර්තා වී ඇති අතර ඉන් මරණ 14ක් සිදුව ඇති බව දැනුම් දෙයි.
මේ අතර සමස්ත රෝගීන්ගෙන් සියයට 50ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වෙන බව සඳහන්.
[DCU2M2B]
විශේෂයෙන් කොළඹ, ගම්පහ, මාතර, ගාල්ල, රත්නපුර, කළුතර සහ නුවර යන දිස්ත්‍රික්කවල රෝග ව්‍යාප්තිය ඉහළ අගයක පවතින බව වාර්තා වේ.
එසේම නිවෙස්වලට වඩා පාසල්, ආගමික ස්ථාන, වැඩබිම් සහ කාර්යාල පරිශ්‍රවල මදුරුවන් බෝවීම ඉහළ ගොස් තිබෙනවා.
එබැවින් තද උණ, ඇඟපත වේදනාව, හිසරදය, වමනය සහ සමේ රතු ලප මතු වේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු බවට උපදෙස් දී ඇත.
එමෙන්ම 2016 වසරේදී ශ්‍රී ලංකාවෙන් බරවා රෝගය තුරන් කළ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය සහතික කර ඇතත් එය මෙරටින් සම්පූර්ණයෙන් තුරන් වී නොමැති අතර ආවේක්ෂණ කටයුතු හරහා ඉතා අවම රෝගීන් ප්‍රමාණයක් තවමත් හඳුනා ගැනේ.
එමෙන්ම ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය අවධාරණය කළේ මෝසම් වැසි සමඟ රෝග ව්‍යාප්තිය ඉහළ යා හැකි බැවින්, ජනතාව තම වටපිටාවේ මදුරුවන් බෝවන ස්ථාන සොයා බලා ඒවා විනාශ කිරීමට පියවර ගත යුතු බවයි.