මෙවැනි දරුවන්ව පාසලට යවන්න එපා - දෙමව්පියන්ට හදිසි උපදෙස් - මාරාන්තික රෝගය ගැන සෞඛ්‍ය ඇමති පහදයි

Report

සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කර ඇත්තේ, රට තුළ දැනට පවතින ඩෙංගු වසංගතය පාලනය කර ඇති බවයි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

අනෙකුත් වසරවලට සාපේක්ෂව මෙම වසරේ ජුනි මාසයේදී ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ. මෙම වසරේ මේ දක්වා වාර්තා වී ඇති මුළු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 44,480 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කර ඇත.

දෙමව්පියන්ට හා සිසුන්ට විශේෂ නිවේදනයක් - පාසල තුළ සිසුන්ට මේ දේවල් තහනම් - සෞඛ්‍ය අංශයෙන් දැනුම්දීමක්

දෙමව්පියන්ට හා සිසුන්ට විශේෂ නිවේදනයක් - පාසල තුළ සිසුන්ට මේ දේවල් තහනම් - සෞඛ්‍ය අංශයෙන් දැනුම්දීමක්

ඩෙංගු ආශ්‍රිත මරණ මේ වන විට ඩෙංගු ආශ්‍රිත මරණ 28 ක් වාර්තා වී ඇති බව එම ඒකකය ප්‍රකාශ කළේය. මේ අතර, රට පුරා ක්‍රියාත්මක වන විශේෂ මදුරු මර්දන වැඩසටහන අද (2026.06.20) ද අඛණ්ඩව ක්‍රියාත්මක වන බව වාර්තා වී ඇත.

මේ අතර, උණ රෝගයෙන් පෙළෙන දරුවන් පාසල්වලට යැවීමෙන් වළකින ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකයේ සමාජ වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය දෙමාපියන්ට උපදෙස් දී තිබේ.

රටේ තෙල් මිල රු. 700ක් වෙන්න ඕනේ - රජය කලින් ගත් වැඩි මිල තෙල් තමයි තාම තියෙන්නේ - අගමැති හරිනි පැහැදිලි කරයි

රටේ තෙල් මිල රු. 700ක් වෙන්න ඕනේ - රජය කලින් ගත් වැඩි මිල තෙල් තමයි තාම තියෙන්නේ - අගමැති හරිනි පැහැදිලි කරයි