රටේ තෙල් මිල රු. 700ක් වෙන්න ඕනේ - රජය කලින් ගත් වැඩි මිල තෙල් තමයි තාම තියෙන්නේ - අගමැති හරිනි පැහැදිලි කරයි
ඉන්ධන මිල වහාම අඩු කළ නොහැකි බව අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කර තිබේ. මහානායක හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.
ගෝලීය වෙළෙඳපොළේ ඉන්ධන මිල පහත වැටී තිබුණද, දේශීය මිල වහාම අඩු කළ නොහැකි බව ඔහු තවදුරටත් පැවසීය. වර්තමානයේ වෙළෙඳපොළේ ඉන්ධන ඉහළ මිලකට මිලදී ගන්නා අතර, එම බරෙන් කොටසක් රජය විසින්ම දරා ඇත.
දෙමව්පියන්ට හා සිසුන්ට විශේෂ නිවේදනයක් - පාසල තුළ සිසුන්ට මේ දේවල් තහනම් - සෞඛ්‍ය අංශයෙන් දැනුම්දීමක්
දැනට වෙළඳපොළේ පවතින්නේ මීට පෙර වැඩි මිලකට මිලදී ගත් තෙල් තොග බවත්, රජය එම පිරිවැයෙන් කොටසක් දරන නිසා දැනට පවතින මිලට තෙල් ලබා දීමට හැකි වී ඇති බවත් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.
"ඇත්ත මිල ගත්තොත් රුපියල් 700ක් පමණ විය යුතුයි, නමුත් රජය බර දරන නිසා එය 400 ගණනකට තබා ගැනීමට හැකි වී තිබෙනවා. තෙල් මිල අඩු වීමේ සහනය ලබා දිය හැකි විගසම එය අනිවාර්යයෙන්ම ජනතාවට ලබා දෙනවා," යැයි ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
ඇය මේ බව පැවසුවේ මහනුවර මල්වතු සහ අස්ගිරි මහා විහාරයන්හි මහානායක හිමිපාණන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.