ධාවනය වෙමින් තිබු දුම්රිය නතර කිරීමට ගිය පුද්ගලයාට සිදුවූ දේ..
අද (18) පස්වරු 1ට පමණ ධාවනය වෙමින් තිබු උඩරට මැණිකේ දුම්රිය නතර කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු දුම්රියේ ගැටි බරපතළ තුවාල ලබා තිබේ. මෙම අනතුර සිදුවී තිබුණේ රොසැල්ල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතර, හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදීය.
ඒ අවස්ථාවේදී අදාළ දුම්රිය කොළඹ සිට බදුල්ල දක්වා ධාවනයවෙමින් තිබුණි. තුවාලකරුව දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇත. නිවසේදී ඇතිවී තිබූ ආරවුලකින් පසු උරණ වී සිට ඇති එම පුද්ගලයා අධික බීමතින් දුම්රිය මාර්ගයට පැමිණ එලෙස ධාවනයවෙමින් තිබූ දුම්රිය නතර කිරීමට උත්සාහ ගෙන ඇති බව වාර්තා වෙයි.
වයස අවුරුදු 41ක් පමණ වන අදාළ පුද්ගලයා දුම්රියේ ගැටීමෙන් පසු විසිවී ගොස් තිබෙන අතර එහිදී බරපතළ තුවාල සිදුවී ඇත. පසුව අදාළ පුද්ගලයාව එම දුම්රියෙන්ම හැටන් දුම්රිය ස්ථානය වෙත රැගෙනවිත් රෝහල්ගත කිරීමට කටයුතු කර තිබේ.
තුවාල ලැබු පුද්ගලයා හැටන් දික්ඔය පොඩයිස් වතුයායේ පදිංචිකරුවෙකු බව හැටන් පොලීසිය විසින් කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. |
