පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න..

Election Commission of Sri Lanka Parliament of Sri Lanka Mahinda Amaraweera Ranil Wickremesinghe Sri Lanka Politician
By Aruna Jan 09, 2024 06:01 AM GMT
Aruna

Aruna

Report

මෙම වසරේ ඔක්තෝබර් මාසය වනවිට ජනාධිපතිවරණය හෝ මහමැතිවරණය යන ප්‍රධාන මැතිවරණ දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම පැවැත්වීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

කෘෂිකර්ම අමාත්‍යවරයා මෙි බව පැවසුවේ, දීර්ඝ රාජ්‍ය තාන්ත්‍රික සේවා කාලයකට පසුව ශ්‍රී ලංකාවෙන් නික්ම යන ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් Michael Appleton හමුවූ අවස්ථාවේදීයි.

එහිදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා නවසීලන්ත මහ කොමසාරිස්වරයා සමඟ වැඩිදුරටත් මේසේද පවසා තිබේ,

“මේ මැතිවරණ වසරක්. මම මගේ අමාත්‍යාංශයේ නිලධාරීන් උපදෙස් දුන්නේ 2024 වසරට මාස දොළහක් නැහැ.

මේ වසර අවසන් වන්නේ ඔක්තෝබර් මාසයෙන් ලෙස සළකා සියලු සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසයි"

මේ අතර අද හෝ මෙම මස 28 වන දින පාර්ලිමේන්තුව විසුරුවාහරින බවටද යම් මතයක් සමාජ මාධ්‍යයේ පැතිර යමින් පවතිනවා.

නමුත් මෙහි තවමත් කිසිදු සත්‍ය හෝ අසත්‍ය තාවයක් නොමැති බවයි බොහො අය පවසන්නේ.

සමාජ මාධ්‍ය තුළ මේ වන විට සිටින ජනාධිපති උපදේශකවරයෙක්ද පාර්ලිමේන්තුව විසුරුවාහැරීම සම්බන්ධව සටහනක් එක්කර තිබුණේ මෙලෙසින්.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන අලුත්ම ආරංචිය මෙන්න.. | Has Parliament Been Dissolved

Sponsored By Sarrita Jewellery

Gallery
ReeCha