රාජ්‍ය සේවය ගැන අමාත්‍ය හර්ෂණ නානායක්කාර පැහැදිලි කරයි - රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවට පැමිණි අමාත්‍යවරයා

Report

රාජ්‍ය සේවය ජනතාවට සමීප කිරීම යනු කාර්යාලයක් ගමට ගෙන යාම පමණක් නොව, රාජ්‍යය ජනතාවට තේරෙන භාෂාවෙන් කතා කිරීම බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, 2026 ජාත්‍යන්තර භාෂා පරිවර්තන දිනය නිමිත්තෙන් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව අද (30) උදෑසන සංවිධානය කර තිබූ විශේෂ උත්සවයකට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මෑත ඉතිහාසයේ විවිධ අවස්ථාවලදී ජාතිය, ආගම සහ භාෂාව වැනි සාධක, මිනිසුන් එකතු කිරීම වෙනුවට ඔවුන් බෙදීම සඳහා දේශපාලන මෙවලම් ලෙස භාවිත කර ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනයක් - දැනට තියෙන ඉන්ධන මිල අඩුම මිලටත් වඩා අඩුවෙන් තියෙන්නේ - රජයට විශේෂ ඉල්ලීමක්

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනයක් - දැනට තියෙන ඉන්ධන මිල අඩුම මිලටත් වඩා අඩුවෙන් තියෙන්නේ - රජයට විශේෂ ඉල්ලීමක්

ඔහු පෙන්වා දුන්නේ පසුගිය මැතිවරණයේදී මෙරට ජනතාව අන්තවාදී දේශපාලන මතවාද ප්‍රතික්ෂේප කරමින් වෙනස්කම්වලට ගරු කරන නව දේශපාලන සංස්කෘතියක් ඉල්ලා සිටි බවයි.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ,

“ගොවියෙකුට තම ඉඩම සම්බන්ධ ලියකියවිලි තේරෙන්න ඕන. පොලිසියට යන පුරවැසියෙකුට තම පැමිණිල්ල තම භාෂාවෙන් ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්න ඕන. භාෂා පරිවර්තකයා කරන්නේ රාජ්‍යය සහ පුරවැසියා අතර තියෙන සන්නිවේදන බාධකය ඉවත් කිරීමයි” ලෙසයි.

රාජ්‍ය ආයතන 306ක් සඳහා වලංගු වන - HNB බැංකුවෙන් අලුත්ම වැඩක්

රාජ්‍ය ආයතන 306ක් සඳහා වලංගු වන - HNB බැංකුවෙන් අලුත්ම වැඩක්

මෙම උත්සවයට සමගාමීව, 2019 වසරේ සිට පුරප්පාඩුව පැවති රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ පරිවර්තක තනතුරු 17ක් සඳහා නවක නිලධාරීන්ට පත්වීම් ප්‍රදානය කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කළ අතර මීට අමතරව, දෙපාර්තමේන්තුවට සුවිශේෂී දායකත්වයක් ලබාදුන් පරිවර්තකයින් තිදෙනෙකු ඇගයීමට ලක්කෙරුණු අතර, භාෂා පරිවර්තන විශේෂ උපාධිය හදාරන විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් වෙනුවෙන් පැවති තරඟයේ ජයග්‍රාහකයින්ට සහතික සහ ත්‍යාග පිරිනැමීම ද සිදු වී තිබේ.