ජේ.වී.පී සාමාජිකයන් හිඟන්නන් පිරිසක් නෙමේ වත්කම් ගැටලු තියෙන්නේ විපක්ෂයට විතරයි ඇමති හර්ෂණගෙන් බරපතල චෝදනා

Report

 ජාතික ජන බලවේගයේ සාමාජිකයන්ගේ වත්කම් සම්බන්ධයෙන් පවතින විවේචන ජනතාවගෙන් පැනනැගුණු ඒවා නොව විපක්ෂය සහ ඇතැම් කල්ලි විසින් පතුරුවා හරින ලද ඒවා බවත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කර තිබේ.

  ඔහු රූපවාහිනි සාකච්ඡාවකදී මේ පිලිබද අදහස් දක්වා තිබුණි . රජයේ පාර්ශවකරුවන්ගේ වත්කම් බැරකම්, නිවාස සහ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් සමාජය තුළ මතුව ඇති කතාබහ පිළිබද අදහස් දක්වමින් එතුමා ප්‍රකාශ කර ඇත්තේ එම වත්කම් පිළිබඳව සාමාන්‍ය ජනතාව ප්‍රශ්න නොකරන බවයි .

"මේ වත්කම් බැරකම් ගැන මිනිස්සු නෙමෙයි ඇත්තටම ප්‍රශ්න කරන්නේ. විපක්ෂය සහ යම් යම් කල්ලි" යනුවෙන් ඔහු සඳහන් කර තිබේ.

ජාතික ජන බලවේග නියෝජනය කරන පිරිස් හට මුදල් තිබිය නොහැකි බවටත් ඔවුන් "හිඟන්නන්" විය යුතු බවටත් විපක්ෂය ගොඩනගා ඇති මතවාදය අමාත්‍යවරයා මෙහිදී ප්‍රතික්ෂේප කර ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අලුතෙන්ම මුද්දර දෙකක් නිකුත් කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අලුතෙන්ම මුද්දර දෙකක් නිකුත් කරයි

අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ තමන් ඇතුළු කණ්ඩායමේ සියලු දෙනාගේ වත්කම් බැරකම් ප්‍රකාශ කර ඇති බැවින් ඕනෑම අයෙකුට ඒ පිළිබඳව කතා කිරීමට අවස්ථාව ලැබී ඇති බවයි.

යම් යම් අවස්ථාවල පක්ෂයේ සාමාජිකයන්ගේ මුවින් පිටවූ සමහර වචන අල්ලාගෙන විපක්ෂය විවිධ කතා ගොඩනගා ඇති බවත් ප්‍රකාශ කර මන්ත්‍රීවරයා එය කිසිසේත්ම ප්‍රතිපත්තිමය වරදක් හෝ තීන්දු ගැනීමේ වරදක් නොවන බව පැහැදිළි කර ඇත .  

ඕස්ට්‍රේලියාවම මවිත වෙයි - විශ්‍රාමික දන්ත වෛද්‍යවරයෙකුගේ රෝගීන්ට HIV සහ හෙපටයිටිස් පරීක්ෂාව සඳහා සෞඛ්‍ය අංශ වෙතින් අනතුරු ඇඟවීමක්

ඕස්ට්‍රේලියාවම මවිත වෙයි - විශ්‍රාමික දන්ත වෛද්‍යවරයෙකුගේ රෝගීන්ට HIV සහ හෙපටයිටිස් පරීක්ෂාව සඳහා සෞඛ්‍ය අංශ වෙතින් අනතුරු ඇඟවීමක්