මුදල් ඇමති කම භාරගන්න.. හර්ශද සිල්වාට ප්‍රභලයෙක් කළ ආරාධනය..

Parliament of Sri Lanka Sri Lanka Ministry of Finance Sri Lanka Harsha de Silva
By Sithumi Dec 09, 2022 05:52 PM GMT
Sithumi

Sithumi

Report

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාට මුදල් අමාත්‍ය ධූරය භාර ගන්නැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා අද කියා සිටියා. 

 ඔහු මේ බව කියා සොටියේ අද පාර්ලිමේන්තුවේ පැවති බදු පනත් දෙකක් සම්බන්ධයෙන් වූ ඡන්ද විමසීම අවස්ථාවේදියි. 

 ආදායම් බදු පැනවීම ප්‍රතිශතය වැඩි බවට මන්ත්‍රීවරයා ප්‍රකාශ කරද්දී සේමසිංහ මහතා කියා සිටියේ විපක්ෂයේ සිට කතා නොකර සැබැවින්ම රටට ආදරය කරන්නේ නම් මුදල් අමාත්‍ංශයේ වගකීම භාර ගැනීමටයි.  

කෙසේ වෙතත් හර්ෂ ද සිල්වා මහතා කියා සිටියේ තමන්ට අමාත්‍ය ධුර අවශ්‍ය නැති බවත් මුදල් කමිටුවේ සභාපති කම බාර ගත්තේ රට වෙනුවෙන් බවයි