"ළඟම පාසල හොඳම පාසල.." - නව රජයෙන් පාසල් ගැන ගත් තීරණය මෙන්න..

Prime minister Harini Amarasuriya Sri Lankan Schools School Incident Latest Headlines
By krishani Jan 07, 2025 05:23 AM GMT
krishani

krishani

Report

අද (07) පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂ ප්‍රකාශයක් සිදු කළේ ය.

ඒ "ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය" යටතේ අර්ධ වශයෙන් සම්පූර්ණ වූ පාසල් සම්බන්ධව සමාලෝචනයක් සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි.

වාහන මිල ලෙසටම නගී?. වාහනයක් ගන්න හීන බොඳ වෙයි ද?.

වාහන මිල ලෙසටම නගී?. වාහනයක් ගන්න හීන බොඳ වෙයි ද?.

වහා රැස් වී, ආන්දෝලනයට තුඩු දුන් දෙයක් ගැන.. ජනපති සහ නීතිපති කතා කරලා.. වෙලා තියෙන දෙය මෙන්න..(PHOTOS)

වහා රැස් වී, ආන්දෝලනයට තුඩු දුන් දෙයක් ගැන.. ජනපති සහ නීතිපති කතා කරලා.. වෙලා තියෙන දෙය මෙන්න..(PHOTOS)

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ මෙවැන්නකී,

"අපි ඇත්ත වශයෙන්ම මේ මොහොත් ඒ ව්‍යාපෘතිය යටතේ ඒ තොරාාගත් පාසල් පිළිබඳව සමාලෝචනයක් කරනවා. ව්‍යාපෘතියට තෝරාගත් බොහෝ පාසල් අඩක් නිම කරලා අතරමග නැවතිලා තියෙනවා. ඒ නිසා ඒ සියලු පාසල් සමාලෝචනය කරමින් අපේ සැලැස්ම අනුව සියලුම දරුවන්ට කිලෝමීටර් 3ක සීමාව ඇතුළත යන්න පුළුවන් ප්‍රාථමික පාසලක්, එහෙම පාසල් ගණනාවක් එකතු කරමින් යන්න පුළුවන් අංගසම්පූර්ණ ද්වීතික පාසලක් වෙනුවෙන් වර්ධනය කර ගැනීම සඳහා සැලසුම් කරගෙන යනවා. ඒ වගේම 80%- 90%ක් වැඩ ඉවර කරලා තියෙන පාසල්වලට අපි ප්‍රමුඛතාව ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.."

You May Like This Video👇 

.

ReeCha