"රට හදන්න පුලුවන් සිස්ටම් එකක් තියෙනවා.." - නොවැම්බර් 14 වෙනිදා?.. අග්‍රාමාත්‍යවරිය කී විශේෂ දෙය මෙන්න..
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ මේ රට හදන්න පුළුවන් සිස්ටම් එකක් තියෙන බවත් ඒ සඳහා සුදුසු මහජන නියෝජිතයින් පාර්ලිමේන්තුවට එවීමට කටයුතු කරන ලෙසත් ය.
ඇය මේ බව පැවසුවේ ඊයේ (01) පන්නිපිටියේ පැවැති ව්‍යාපාරික හමුවකට එක්වෙමින් ය.
සායනික ප්‍රතිකාරත් කරලා නෑ.. වෛද්‍යවරු ආරම්භ කළ පැය 24ක වැඩවර්ජනය අවසන්.. නමුත් සඳුදා වෙන දෙය මෙන්න..
එහිදී ඇය කියා සිටියේ මහජන නියෝජිතයින් සම්බන්ධයෙන් ජනතාවගේ තෝරාගැනීම සෑම විටම නිවැරදි විය යුතු බවයි.
තවද, ශක්තිමත් පාර්ලිමේන්තුවක් පත් කර ගැනීමට කටයුතු කළ යුතු බව ඇය එහිදී සදහන් කළේ ය.
එමෙන්ම, මෙවර මැතිවරණයේ දී කවුරුවත් ආණ්ඩුවත් ගන්න උත්සහා කරන්නේ නොමැති බවත් ඒ අය දැනටමත් තෝරාගෙන ඉවරයි විපක්ෂයේ කියා බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසීය.
මාලිමාවෙන්, මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව අඩු කරල ද?. එතකොට වාහනත් එක්ක විශ්‍රාම වැටුප.. තීරණය මෙන්න..(PHOTO)
ජනතාවට පාර්ලිමේන්තුවේ සිටින 225 දෙනාට බැන බැන යන නමුත් ඒ අය ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තු ගිය අය බව සිහිපත් කළ යුතු බව ඇය අවධාරණය කර සිටියේ ය.
කෙසේ වෙතත්, වැඩිදුරටත් අදහස් දක්වමින් ඇය සඳහන් කළේ ජනාධිපතිවරණයට ආරම්භ කළ පරිවර්තන ගමනට අදාළ නොවැම්බර් 14 පැවැත්වෙන ඡන්දයෙන්ද මේ රට හදන පිරිසක් පාර්ලිමේන්තුවට එවීමට කටයුතු කරන ලෙසයි.