සායනික ප්‍රතිකාරත් කරලා නෑ.. වෛද්‍යවරු ආරම්භ කළ පැය 24ක වැඩවර්ජනය අවසන්.. නමුත් සඳුදා වෙන දෙය මෙන්න..

Galle Hospitals in Sri Lanka Strike Sri Lanka Latest Headlines Decision Making
By krishani Nov 02, 2024 10:41 AM GMT
krishani

krishani

Report

ඊයේ (01) ප.ව. 5 සිට පැය 24ක කාලයක් සඳහා ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ වෛද්‍යවරු විසින් ක්‍රියාත්මක කර තිබූ සංකේත වැඩ වර්ජනය අවසන් කර තිබෙනවා.

මෙම වැඩ වර්ජනය සිදු කර ඇත්තේ එම රෝහලේ පිළිකා වාට්ටුව භාර විශේෂඥ වෛද්‍යවරයා විසින් රෝහලේ තවත් වෛද්‍යවරු කිහිපදෙනෙකුට තර්ජනය කළ බව පවසමින් ය.

බදුල්ලේ බිහිසුණු අනතුරේ.. බරපතළ තුවාලකරුවෙක් කොළඹට ගුවනින් ගේන්න හදලා.. නොහිතපු දෙයක් හරස් වුණ හැටි..

බදුල්ලේ බිහිසුණු අනතුරේ.. බරපතළ තුවාලකරුවෙක් කොළඹට ගුවනින් ගේන්න හදලා.. නොහිතපු දෙයක් හරස් වුණ හැටි..


වර්ජනයේ නිරත වෛද්‍යවරු, කරාපිටිය රෝහලේ අධ්‍යක්ෂවරයා සමග අද (02) සිදුකළ සාකච්ඡාවකින් අනතුරුව වර්ජනය තාවකාලිකව අත්හැරීමට තීරණය කර තිබෙනවා.

එහෙත් අදාළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් නිසි පියවර නොගතහොත් එළැඹෙන සඳුදා යළි වර්ජනයක් ආරම්භ කරන බව වර්ජනයේ නිරත වෛද්‍යවරු කියා සිටියේ ය.

මාලිමාවෙන්, මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව අඩු කරල ද?. එතකොට වාහනත් එක්ක විශ්‍රාම වැටුප.. තීරණය මෙන්න..(PHOTO)

මාලිමාවෙන්, මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව අඩු කරල ද?. එතකොට වාහනත් එක්ක විශ්‍රාම වැටුප.. තීරණය මෙන්න..(PHOTO)


කරාපිටිය රෝහලේ සියලුම විශේෂඥ වෛද්‍යවරුන් සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සියලුම වෛද්‍යවරුන් මෙම වර්ජනයට එක් විය.

ඒ හේතුවෙන් සායනික ප්‍රතිකාර සිදු නොවුණි.

කෙසේ වෙතත්, මේ හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවකට පත්විය.

ReeCha