රඛිත-චරිත්ගේ තවත් මගඩියක් මාට්ටු - හරක් කටාගේ බිරිදගෙන් ගත් මුදලින් කොටසක් හිමිනමක් හරහා ලොක්කෙට දීලා

Report

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික හරක්කටාගේ බිරිඳගෙන් අල්ලස් ලෙස ලබාගත් රුපියල් ලක්ෂ 1,200ක මුදලින් කොටසක් හිමිනමක් ලවා ඉහළ පොලිස් නිලධාරින් වෙත ලබා දී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි අල්ලස් කොමිසම අද (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙරට ප්‍රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන 'නඳුන් චින්තක' හෙවත් 'හරක්කටා' නැමැත්තා රඳවා තබාගෙන සිටින සමයේ ඔහුට සහන සැලසීම සඳහා මෙම රුපියල් ලක්ෂ 1,200ක අල්ලස් මුදල ලබාගත්තේ යැයි හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන්සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුණහැන්නදිගේ යන සැකකරුවන්ට එරෙහි නඩුව අද කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.

විශේෂ නව නීතියක් - මෙහෙම නැත්නම් ආයේ සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීම සම්පූර්ණයෙන් තහනම්

විශේෂ නව නීතියක් - මෙහෙම නැත්නම් ආයේ සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කිරීම සම්පූර්ණයෙන් තහනම්

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් තිදෙනා එළඹෙන ජූලි මස 28 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

නඩු විභාගයේදී වැඩිදුර විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සහකාර නීති අධ්‍යක්ෂ අනුෂා සම්බන්දප්පෙරුම මහත්මිය කියා සිටියේ, මෙම අල්ලස් ගනුදෙනුව සම්බන්ධයෙන් හරක්කටාගේ බිරිඳ වන මහේෂිකා මධුවන්ති නැමැත්තිය සිදුකළ සම්පූර්ණ ප්‍රකාශය ඇතුළත් වීඩියෝ දර්ශන සහිත CD තැටියක් මේ වන විට විමර්ශන නිලධාරීන් වෙත ලැබී ඇති බවයි.

අල්ලස් මුදල ලබාදීමෙන් පසුව ද පොරොන්දු වූ සහන ලබා නොදීම හේතුවෙන් ඒ පිළිබඳව විමසමින් සැකකරුවන් සමඟ සිදුකළ දුරකථන සංවාද පටිගත කර තිබූ ජංගම දුරකථනය ද විමර්ශන නිලධාරීන් භාරයට ගෙන තිබේ.

මෙහිදී නිර්මල බණ්ඩාර හෙවත් හර්බි නැමැත්තා ලබාදුන් ප්‍රකාශයට අනුව, පළමු සැකකරු වන චරිත් අබේසිංහ ඉන්දියාවේ සිට දුරකථන ඇමතුමක් ලබා දෙමින් අල්ලස් මුදල ගැන කතා කළ බවත්, එම අවස්ථාවේ අනෙක් සැකකරුවන් දෙදෙනා ද ඔහු සමඟ සිටි බවත් තහවුරු වී ඇත.

මෙම කරුණු තවදුරටත් තහවුරු කරගැනීම සඳහා සිදුකළ විමර්ශනවලදී සැකකරුවන් තිදෙනා 2023 වසරේ මාර්තු මස 03 වනදා එකම ගුවන් යානයකින් ඉන්දියාව බලා පිටත්ව ගොස් නැවතත් එම මස 07 වනදා එකට දිවයිනට පැමිණ ඇති බව ගුවන් ගමන් වාර්තා මඟින් අනාවරණය වී තිබේ.

හිටපු පොලිස්පති CDගේ මරණය ගැන තොරතුරු රැසක් එළියට - පුතා ලේලි නිසා ලොකු අවුලක ඉදලා

හිටපු පොලිස්පති CDගේ මරණය ගැන තොරතුරු රැසක් එළියට - පුතා ලේලි නිසා ලොකු අවුලක ඉදලා

හර්බි නැමැත්තාගේ සහ සැකකරුවන් තිදෙනාගේ දුරකථන වාර්තා විශ්ලේෂණය කිරීමේදී ද මෙම තොරතුරු සත්‍ය බව තහවුරු වී ඇත.

සැකකරුවන්ගේ දුරකථන සම්බන්ධතා මෙන්ම මෙම මුදල් ගනුදෙනුවලට සම්බන්ධතා පවත්වා ඇති හිමිනම පිළිබඳව ද අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව අධිකරණයට වැඩිදුරටත් කරුණු වාර්තා කර සිටියේය.