ආරක්ෂක හේතුන් මත හරක් කටාගේ නඩුවක් කල්යයි

Sri Lanka Police Sri Lanka Magistrate Court Sri Lanka Police Investigation
By Gagana News Feb 27, 2025 12:08 PM GMT
Gagana News

Gagana News

Report

 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී ඉන් පළායාමට කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබලදීම ඇතුළු චෝදනා යටතේ නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනුකර තිබෙන නඩුව "ස්කයිප්" තාක්ෂණය ඔස්සේ විභාග කිරීමට කර තිබෙන ඉල්ලීම සම්බන්ධයෙන් විත්තියේ ස්ථාවරය දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණය අද (27) නියම කළේය.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී බන්ධනාගාර භාරයේ පසුවන හරක් කටා අධිකරණය හමුවට ඉදිරිපත් කර නොතිබුණි.

රජයේ නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ආරක්ෂක හේතුන් මත එම විත්තිකරු අද දින අධිකරණයට ඉදිරිපත් නොකරන බව දැනුම් දුන්නේය.

ආරක්ෂක හේතුන් මත හරක් කටාගේ නඩුවක් කල්යයි | Harak Kata Court Case

එමෙන්ම අදාළ නඩුව "ස්කයිප්" තාක්ෂණ විභාග කිරීමට අවසර දෙන ලෙසත් පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයෙන් ඉල්ලීම් කෙරුණි.

මේ සම්බන්ධයෙන් විත්තියේ ස්ථාවරය මාර්තු මස 17 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් විනිසුරුවරයා විත්තියේ නීතිඥවරුන්ට නියෝග කළේය.

ජනතාවගේ සල්ලි වලින් හිටපු ජනපතිවරු රට සවාරි ගිය හැටි මෙන්න - වීඩියෝ

ජනතාවගේ සල්ලි වලින් හිටපු ජනපතිවරු රට සවාරි ගිය හැටි මෙන්න - වීඩියෝ

 

අභාවප්‍රාප්ත වසන්ත විට්ටච්චිගේ අවසන් කටයුතු අනිද්දා

අභාවප්‍රාප්ත වසන්ත විට්ටච්චිගේ අවසන් කටයුතු අනිද්දා

 

ReeCha