මෙරට ප්‍රධාන පෞද්ගලික රෝහලක බෝම්බයක්....රෝහල අවට ආරක්ෂාව තර කෙරේ..

By Sewvandhi Sep 14, 2021 09:31 AM GMT
Sewvandhi

Sewvandhi

Report

නාරාහේන්පිට පෞද්ගලික රෝහලක තිබී අත් බෝම්බයක් සොයාගෙන තිබෙනවා

එම රෝහලේ පළමු මහලේ වැසිකිළියක තිබී මෙම අත් බෝම්බය සොයාගෙන තිබෙන අතර රෝහල අවට ආරක්ෂාව තර කර තිබෙන බව පොලිසිය සඳහන් කරනවා.

එය කවුරුන් විසින් අදාළ ස්ථානයට රැගෙන ආවේ ද යන්න පිළිබදව මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර එය නිශ්ක්‍රීය කිරීම සඳහා මේ වන විට පොලීසිය කටයුතු කරමින් සිටිනවා. 

මේ අතර,හෙලිකොප්ටරයකින් අනුරාධපුරයට පැමිණි ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු අනුරාධපුර බන්ධනාගාරයේ කලහකාරී ලෙස හැසිරී ඇති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහන බණ්ඩාර මහතා කියා සිටී.

බීමත්ව සිටි එම ඇමතිවරයා බන්ධනාගාරය තුළට ගොස් දරුණු ගණයේ අපරාධ කරුවන් සිරකුටිවලින් එළියට ගෙන දණ ගස්වා පිස්තෝලය හිසට තබා තැයි ද මන්ත්‍රීවරයා පවසයි.

අදාල අමාත්‍යවරයා විවිධ තැන්වල මේ ආකාරයෙන් හැසිරෙව අයෙකු බවද ඔහු පැවසීය. සමාජ ජාල වෙත වීඩියෝවක් මුදාහරිමින් ඔහු මෙම අදහස් පළ කර ඇත.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now