මාදම්පිටිය කනත්ත අසල වෙඩි තැබීමකින් අයෙක් මරුට.
By Wayomi
ග්‍රෑන්ඩ්පාස් - මාදම්පිටිය කනත්ත ආසන්නයේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ත්‍රිරෝද රථයක සිටි අවුරුදු 35ක පුද්ගලයෙක් වන අතර සිදුවීම පිළිබඳව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක කර ඇත.
මේ අතර ඊයේ රාත්‍රියේදී මාතර - කැකණදුර ප්‍රදේශයේදීද වෙඩිතැබීමක් සිදුව ඇති අතර එම වෙඩි තැබිමෙන් ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.