හිරණ වෙඩි තැබීමක්

Report

අද (11) අලුයම් කාලයේදී හිරණ පොලිස් වසමේ මාලමුල්ල ප්‍රදේශයේ නිවසක කාමරයක් තුළ නිදා සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ නාඳුනන පුද්ගලයෙකු විසින් නිවසේ ජනේලයක් බිඳ වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවය.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රථිකාර සඳහා පානදුර රෝහලට ඇතුළත් කර ඇත.

තුවාලකරු වයස අවුරුදු 32ක් වූ මාලමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

වෙඩි තැබීමට හේතුව හා සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැත.

පොලීසිය සැක කරන්නේ වෙඩිතැබීම සඳහා පිස්තෝල අවියක් භාවිත කර ඇති බවටයි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 3ක් වැඩිදුර විමර්ශන සිදු කරන බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසීය. 

අද ලග්න පලාපල – 2025 ජූලි 11 | අද ලග්නය කියන රහස මෙන්න - ඔබත් පුදුම වෙයි

අද ලග්න පලාපල – 2025 ජූලි 11 | අද ලග්නය කියන රහස මෙන්න - ඔබත් පුදුම වෙයි