තවත් වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට තුවාල..
කොටහේන ප්‍රදේශයේ අද රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසුවේ කොටහේන පරමානන්ද මාවතේ දී සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි.
වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ ත්‍රිරෝද රථ කාර්මිකයකු බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් පිස්තෝලයකින් මෙම වෙඩිතැබීම සිදුකර ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා
වෙඩිතැබීමට හේතුව නිශ්චිත ලෙස අනාවරණය වී නැහැ.
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්.
|