උත්සව සමයේ දැඩි වන සෞඛ්‍ය සීමා

COVID19 HEMANTHA HERATH GUILD LINES QUERANTINE CHRISMAS
By Sewvandhi Nov 27, 2021 06:56 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කිරීමක් සිදුකළ ද උත්සව සමය හේතුවෙන් රෝගය පැතිරීමේ අවදානමක් ඇතිවුවහොත් නැවතත් සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි කිරීමට සිදුවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ඒ බව පැවසීය.

එම නිසා පසුගිය වසරේ සිදුවු අත්දැකීම් අනුව ඉතාමත් අවධානයෙන් යුතුව කටයුතු කළයුතු බව ඒ මහතා අවධාරණය කළේය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ බව පැවසීය.

"බලාපොරොත්තුවෙන්න වෙනවා ගිය අවුරුද්දේ අපි දුටු අත්දැකීම්. ඒ නිසාම ඉතාමත්ම අවධානයෙන් ඉදිරි කටයුතු ගැන සැලකිලිමත්ව කටයුතු කිරීම වැදගත්. මේ තත්ත්වය නිසි පරිදි කළමනාකරණය කර ගැනීමයි වැදගත් වන්නේ. සාමාජීය වශයෙන් අධ්‍යාත්මික වශයෙන් මේ උත්සව සමයත් එක්ක බැදුණු අවශ්‍යතාවයන් ඉෂ්ට කරගැනීමට තමා අපි ඒ අවස්ථාව ලබා දෙන්නේ. නමුත් ඒ අවස්ථාව රෝගය පැතිරීමට තුඩු දෙන ලෙසින් යම් කිසි ඉඩකඩක් පැහැදිලිවම පේනවා නම් අපිට කරන්න පුළුවන් දේ තමා සමහර වීට මේ මාර්ගෝපදේශ දැඩි කිරීම."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW