ගාසා තීරයේ ගොඩබිම් මෙහෙයුම් ඇරඹේ.

Israel Palestine World Israel-Hamas War
By Hashini Oct 14, 2023 03:45 AM GMT
Hashini

Hashini

Report

 ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

එහි අරමුණ ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීම බවයි ඊශ්‍රායලය පවසන්නේ.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ මිලියනයකට අධික පලස්තීනුවන්ට ගාසා තීරයේ උතුරු දෙසට ගමන් කරන ලෙස දැනුම් දීමත් සමඟ බොහෝ පිරිස් මෝටර් රථ, ට්‍රක් රථ සහ පාගමනින් පලායමින් සිටින බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටින්නේ සිවිල් වැසියන් ඝාතනය නොකිරීමට අදාළ සෑම පියවරක් ගන්නා ලෙසයි.

ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන්ද ගාසා තීරයේ නම් කළ ප්‍රදේශ ආරක්‍ෂිත ප්‍රදේශ බවට පත් කිරීමට කටයුතු කරන බවයි.

ඉන්ධන,ආහාර සහ ජලය මේ වන විට ගාසා තිරයේ අවසන් වී තිබෙනවා.

මේ අතර ඊශ්‍රායලය ගොඩබිම් මෙහෙයුම් ආරම්භ කිරීමත් සමඟ ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සියයට හයකින් පමණ ඉහළ ගොස් සටහන් වී ඇත්තේ ඇමරිකානු ඩොලර් 90.89ක් ලෙසයි. 

ReeCha