මෙරට පළමු වරට කෘෂි බෝගයක් වූ තණකොළ.

Sri Lanka Ministry of Agriculture
By Wayomi Feb 24, 2023 10:28 AM GMT
Wayomi

Wayomi

Report

සත්ත්ව ආහාර සඳහා වගා කරන තණකොළ කෘෂිකාර්මික භෝගයක් ලෙස නම් කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ, මෙරට සත්ත්ව ආහාර සඳහා අවශ්‍ය තණකොල වගා කිරීම ව්‍යාපාරික මට්ටමෙන් හෝ පෞද්ගලිකව සිදු නොවීම හේතුවෙන් සත්ත්ව ආහාර සඳහා තණකොල ප්‍රමාණවත් පරිදි නොලැබීමයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, එමඟින් මෙරට සත්ත්ව නිෂ්පාදන කර්මාන්තයේ ප්‍රවර්ධනයට ද බාධා මතු වන් බවත් දෛනිකව කිරි එළදෙනුන්ගෙන් ලබාගත හැකි කිරි ප්‍රමාණය පහත වැටීමට ද හේතු වන බවත්ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.. 

JOIN NOW