හෙට සිට අලුත් වෙන එක ශ්‍රේණිය
රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ එක ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීමේ ජාතික උත්සවය අතුරුගිරිය ගුණසේකර විද්‍යාලයේදී හෙට (29) දින පැවැත් වෙන බව වාර්තා වේ.
ඒ අනුව "අනාගතයට පළමු පියවර" යන තේමාවෙන් පැවැත්වෙන මෙම ජාතික උත්සවයේ ප්‍රධාන ආරාධිතාව වන්නේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියයි.
එසේම හය වසරට අඳාළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එළඹෙන වසරට කල් දමා තිබෙන අතර සමාජයේ පූර්ණ විශ්වාසයක් ගොඩනැගීමෙන් පසුව එම ප්‍රතිසංස්කරණ ඇරැඹීම රජයේ අරමුණ වී ඇති බව සඳහන්.