අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එක්ක මේ අධ්‍යාපනයත් ඉහළ නංවාලීමට රජයේ අවධානය

Report

 අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව වෘත්තීය අධ්‍යාපනය නංවාලීමට සහ ගුණාත්මක පුහුණු ආයතන ශක්තිමත් කිරීමට උපරිම අවධානය යොමු කරන බව ප්‍රකාශ කරයි.

ඒ අනුව බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී (BMICH) ඊයේ (27) දින පැවති කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුවේ වාර්ෂික ඩිප්ලෝමා සහතික පත්‍ර ප්‍රදානෝත්සවයට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළා.

එමෙන්ම මෙරට ශ්‍රම වෙළෙඳපොළට අවශ්‍ය ගුණාත්මක වෘත්තිකයින් බිහිකිරීම අරමුණු කරගනිමින් 2023 සහ 2024 වර්ෂයන්ට අදාළව, රට පුරා පිහිටි තාක්ෂණික විද්‍යාල හරහා NVQ 5 සහ NVQ 6 මට්ටම් සම්පූර්ණ කළ සිසුන් සඳහා ඩිප්ලෝමා සහතිකපත් ප්‍රදානය කිරීම ද එහිදී සිදු කර ඇත.

නාලන්දාවේ සිද්ධියේ අනිසි ප්‍රතිඵල නිසා මේ අයට සමාජ ජාලා තහනම් කරන්න රජයෙන් සැලසුමක්

නාලන්දාවේ සිද්ධියේ අනිසි ප්‍රතිඵල නිසා මේ අයට සමාජ ජාලා තහනම් කරන්න රජයෙන් සැලසුමක්

එම අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළේ,

"ශ්‍රී ලංකාවේ තාක්ෂණික අධ්‍යාපනයට සියවසකට අධික ඉතිහාසයක් තිබෙනවා.තරුණ රැකියා උත්පාදනය උදෙසා තාක්ෂණික විද්‍යාල ජාලය ඉටුකරන මෙහෙවර අපි අගය කරනවා." "ලෝකය වෙනස් වන වේගයත් සමඟ ඇතිවන අනාගත අවිනිශ්චිතතාවන්ට මුහුණ දීමට නම් කුසලතා නිරන්තරයෙන් වැඩිදියුණු කරගත යුතුයි.අලුත් දේවල් ඉගෙනීමට ඇති කුතුහලය සහ උවමනාව කිසිදා අතහැර නොගත යුතු අතර, වෘත්තීය පුහුණු ආයතනයකින් ලැබෙන වැදගත්ම දායාදය වන්නේ 'ඉගෙන ගන්නා ආකාරය' ඉගෙන ගැනීමයි."

එමෙන්ම රටේ ආර්ථික හා සමාජීය දියුණුවට නායකත්වය දෙන කොටස්කරුවන් වශයෙන් අද දවසේ ඩිප්ලෝමාධාරීන් ලෙස සහතිකපත් හිමි කරගන්නා ඔබ රටට සහ ලෝකයට ප්‍රයෝජනවත් පුරවැසියන් වනු ඇති බවට තමන් විශ්වාස කරන බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා.

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට හෙටයි අනිද්දයි විශේෂ වැඩක්

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට හෙටයි අනිද්දයි විශේෂ වැඩක්

නාලන්දා විද්‍යාලයේ ගුරු සිසු වීඩියෝව අගමැතිනියට විරුද්ධව කල කුමන්ත්‍රණයක්ද? ඇත්ත නැත්ත එළියට

නාලන්දා විද්‍යාලයේ ගුරු සිසු වීඩියෝව අගමැතිනියට විරුද්ධව කල කුමන්ත්‍රණයක්ද? ඇත්ත නැත්ත එළියට