වහාම ඉල්ලා අස්වෙන්න..හය වසරේ මොඩියුලයේ සමලිංගික වෙබ් අඩවිය නිසා හරිනිගේ FB පිටුව වැනසෙයි [PHOTO]
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ හය ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයක ඇතුළත් වී තිබෙන වෙබ් අඩවි ලිපිනය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කොට ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කරයි.
ඒ අනුව ඇය මේ බව සඳහන් කර ඇත්තේ තම සමාජ ජාල ගිණුම ඔස්සේ සටහනක් තබමින්. කෙසේ වුවත් එම සටහනට සමාජ ජාලා පරිශීලකයන් විසින් දැඩි විවේචනාත්මක ප්‍රතිචාර රැසක් පළ කර තිබෙනවා.
මින් පෙර ගුරු විදුහල්පති වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු උලපනේ සුමංගල හිමි වර්තමාන ආණ්ඩුව හඳුන්වා දීමට සූදානම් වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා හය වසරේ කුඩා දරුවන් අතර සමලිංගිකත්වය ප්‍රවර්ධනය කරමින් ඇති බවට චෝදනාවක් සිදු කර තිබුණා.
එමෙන්ම 6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලයක යම් නුසුදුසු වෙබ් අඩවියක නාමය ලෙස දැක්වෙන හැඳින්වීමක් කර ඇති බවට ලද පැමිණිල්ලක් මත ඒ සම්බන්ධයෙන් සොයා බැලූ අතර එම පැමිණිල්ල නිවැරදි බවට තහවුරු වී ඇති බවට ද අධ්‍යාපන අමාත්‍යාංශය ද සඳහන් කර තිබුණා.
ඒ අනුව ජාතික අධ්‍යාපන ආයතනය මඟින් පිළියෙළ කළ 6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂාවට අදාළ මොඩියුලය මුද්‍රණය අවසන් කර තිබුණද බෙදාහැරීම අත්හිටවනු ඇති අතර ඒ සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන ලෙස පරීක්ෂණයක් ද ආරම්භ කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා.