මේ වසරේ ජල ගාස්තු සංශෝධනය ගැන රජයේ විශේෂ තීරණයක්

By Kanchana Aug 14, 2026 02:42 AM GMT
Report

ජල ගාස්තු වැඩි වීමක් මෙම වසරේදී කිසිසේත්ම සිදු නොවන බව නිවාස ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා සදහන් කර තිබේ .

ඇමැතිවරයා සදහන් කළේ ජල ගාස්තු සම්බන්ධ සමාලෝචනයක් කිරීමට නියමිතව තිබෙන්නේ ලබන වසරේ ජනවාරි මාසයේදී බවත්, ජල ගාස්තු වැඩි කිරීම, පහත දැමීම හෝ දැනට අය කරන මිල ගණන් වෙනස් නොකර පවත්වාගෙන යෑම සම්බන්ධව තීරණය කරන්නේ එම අවස්ථාවේදී බවයි .

මහනුවර දිස්ත්‍රික්කයේ පානීය ජල ගැටලු සම්බන්ධව සොයා බලා ඒවාට විසඳුම් ලබාදීම සම්බන්ධයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සුසිල් රණසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේය.

රජයේ රෝහල්වල බරපතළ අර්බුදයක් - හෙද හෙදියොන් 4600ක් සේවය හැර යයි

රජයේ රෝහල්වල බරපතළ අර්බුදයක් - හෙද හෙදියොන් 4600ක් සේවය හැර යයි

ඔහු තව දුරටත් අවධාරණය කළේ මෙම වසරේදී මහනුවර දිස්ත්‍රික්කයේ පානීය ජල ගැටලු විසඳීම සඳහා වන ව්‍යාපෘති ගණනාවක් වෙනුවෙන් ජාතික ජල සම්පාදන මණ්ඩලයට රුපියල් බිලියන 02ක පමණ මුදලක් ලැබී තිබෙන බවත් නළ පද්ධති අලුතින් එළීම, නළ පද්ධති අලුත්වැඩියා කිරීම, පිරිපහදු මධ්‍යස්ථාන අලුත්වැඩියා කිරීම් ඇතුළු බොහෝ කටයුතු මේ වනවිට සිදු වෙමින් පවතින බවයි

පානීය ජල ගැටලු විසඳීම සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ ආරම්භ කර ක්‍රියාත්මක කරන මෙන්ම අතරමඟ නවතා තිබෙන ව්‍යාපෘති ගණනාවක් පවතින බවත් එලෙසින්ම නව යෝජනාද ඉදිරිපත් වී තිබෙන බවත් ඒ සියල්ල සමාලෝචනය කර ජනතාවගේ පානීය ජල ගැටලු විසඳීම සඳහා කඩිනම් පියවර ගැනීමට ජල සම්පාදන මණ්ඩලය කටයුතු කරන බවද එතුමා සදහන් කර තිබේ

එල් නිනෝ තත්ත්වයේ බලපෑමක් ජල සම්පාදන මණ්ඩලයේ හෝ ප්‍රජා සැලසුම් දෙපාර්තමේන්තුවේ ජල මූලාශ්‍රවලට මෙතෙක් නොමැති බවත් ඉදිරියේදී මතුවන බලපෑම සැලකිල්ලට ගෙන ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කර ඇත.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය සුරංග ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක, මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත යන මහත්වරුද සහභාගි විය