තේ අපනයනකරුවන්ට රජයෙන් විශේෂ දැනුම් දීමක්
මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති තීව්‍ර ගැටුම් හා යුද්ධ තත්ත්වය හේතුවෙන් එම කලාපයට සිදුකරන අපනයන (විශේෂයෙන් තේ ඇතුළු ද්‍රව්‍ය) කොළඹ වරායට රැගෙන ඒමෙන් වළකින ලෙස රජය තේ අපනයනකරුවන්ට හා සම්බන්ධ පාර්ශ්වයන්ට ඉල්ලීමක් කර තිබේ.
අද (02) කොළඹදී කැඳවා තිබූ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා මේ බව ප්‍රකාශ කළේය.
ඔහු සඳහන් කළේ, මැදපෙරදිග කලාපයේ පවතින තත්ත්වය හේතුවෙන් එම කලාපයට යන නැව් හා භාණ්ඩ ප්‍රවාහනයේ දැඩි බාධා ඇති වී ඇති බවයි. එමගින් කොළඹ වරායේ භාණ්ඩ තොග රැස්වීම හා තදබදය තීව්‍ර වීමේ අවදානමක් පවතින බවත්, එය වළක්වා ගැනීම මෙම ඉල්ලීමේ ප්‍රධාන අරමුණ බවත් ඔහු අවධාරණය කළේය.