ජාත්‍යන්තර උණුසුම අතර රන් මිල නගී

Report

ඊශ්‍රායලය හා ඇමෙරිකාව විසින් ඉරානයට එල්ල කරන ගුවන් ප්‍රහාර හමුවේ ඉරානය දිගින් දිගටම ඊශ්‍රායලයට හා කලාපයේ ඇමෙරිකානු හමුදා කඳවුරුවලට මිසයිල හා ඩ්‍රෝන් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ මැදපෙරදිග තත්ත්වය තීව්‍ර ගැටුම්කාරී තත්ත්වයකට පත්ව තිබේ.

ඉරාන් ප්‍රහාරයෙන් කටාර් LNG නිෂ්පාදනය තාවකාලිකව නවතියි

ඉරාන් ප්‍රහාරයෙන් කටාර් LNG නිෂ්පාදනය තාවකාලිකව නවතියි

ලෝක වෙළඳපොලේ ආරක්ෂිත වත්කමක් ලෙස සැලකෙන රන් මිල තවදුරටත් ඉහළ යමින් පවතී. මේ වන විට රන් අවුන්සයක වෙළඳපොල මිල ඇමෙරිකානු ඩොලර් 5,351.31කට ආසන්න මට්ටමක පවතින අතර, එය පෙර දිනයට සාපේක්ෂව සියයට 2.33ක ඉහළ යෑමක් ලෙස සටහන් වේ. 

මෙම ගැටුම් හේතුවෙන් තෙල් මිලද තීව්‍ර ලෙස ඉහළ ගොස් ඇත. බ්‍රන්ට් බොරතෙල් මිල බැරලයකට ඩොලර් 78කට ආසන්න මට්ටමකට ඉහළ ගොස් ඇති අතර, ඩබ්ලියු.ටී.අයි බොරතෙල්  මිලද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. Strait of Hormuz හි තෙල් ගමන් මාර්ගයට බලපෑම් ඇතිවීමේ අවදානම හේතුවෙන් තෙල් මිල තවදුරටත් ඉහළ යාමේ ඉඩකඩ ඉහළයි යැයි විශ්ලේෂකයෝ පවසති.

අයතුල්ලා අලි කමේනිගේ බිරිඳ ඝාතනයට ලක්වෙයි

අයතුල්ලා අලි කමේනිගේ බිරිඳ ඝාතනයට ලක්වෙයි