රාජ්‍ය ආයතනවලින් ප්ලාස්ටික් වතුර බෝතල් අතුගා දමන දැවැන්ත තීන්දුවක්

Report

රාජ්‍ය ආයතනවල ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කටයුතු විධිමත් කිරීම අරමුණු කරගනිමින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් මෙන්ම සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බව වාර්තා වේ.

එම චක්‍රලේඛයට අනුව, මැයි 31 වනදා සිට සියලුම රාජ්‍ය ආයතන තුළ තනි භාවිත ප්ලාස්ටික් වතුර බෝතල් මිලදී ගැනීම හා භාවිතය සම්පූර්ණයෙන්ම නතර කළ යුතු බව දැනුම් දී ඇත.

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට - මේ සතියේ පාර්ලිමේන්තුවේ අවධානය ආර්ථිකය දෙසට

දේශීය ආදායම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට - මේ සතියේ පාර්ලිමේන්තුවේ අවධානය ආර්ථිකය දෙසට

එමෙන්ම, ආයතන තුළ තනි භාවිත ප්ලාස්ටික් භාවිතය වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙසද සියලු ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබා දී ඇත.

මෙම නව චක්‍රලේඛයට අමතරව, පසුගිය වසරේ අප්‍රේල් 2 වනදා නිකුත් කළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ සඳහන් විධිවිධානද තවදුරටත් බලාත්මක බව අමාත්‍යංශය පවසයි. ඒ අනුව, සියලුම රාජ්‍ය ආයතන 'ත්‍රී ආර්' (අවම කිරීම, නැවත භාවිතය, ප්‍රතිචක්‍රීකරණය) සංකල්පයට අනුගත විය යුතු බවද දැනුම් දී ඇත.

මෙම චක්‍රලේඛය පරිසර අමාත්‍යංශයේ එකඟතාවයෙන් නිකුත් කර ඇති බවද රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.

නිරිත දිග මෝසම සක්‍රීය වෙයි - කාලගුණයෙන් හදිසි නිවේදනයක්

නිරිත දිග මෝසම සක්‍රීය වෙයි - කාලගුණයෙන් හදිසි නිවේදනයක්

සෞඛ්‍යය ගැන සැලකිලිමත් විය යුතු, අද දවසේ විශේෂ ලග්න පලාඵල විස්තරය

සෞඛ්‍යය ගැන සැලකිලිමත් විය යුතු, අද දවසේ විශේෂ ලග්න පලාඵල විස්තරය