පාසල් විශාල ප්‍රමාණයක දරුවන්ට දිවා ආහාරයත් නැති වෙයි?.එකවරම ඇතිවූ තත්ත්වය මෙන්න.

Ministry of Education Sri Lankan Schools Education
By Aruna Oct 07, 2024 01:45 AM GMT
Aruna

Aruna

Report

පාසල් දිවා ආහාර සැපයුම්කරුවන්ට මුදල් නොගෙවන කලාප අධ්‍යාපන කාර්යාල සම්බන්ධයෙන් තොරතුරු කැඳවීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මෙම තීරණය ගෙන ඇත්තේ දිවා ආහාර වැඩසටහන සඳහා අවශ්‍ය සියලු මුදල් පළාත්වලට යොමු කර තිබියදීත් සැපයුම්කරුවන්ට ගෙවීම් නොකරන කලාප අධ්‍යාපන කාර්යාල සම්බන්ධයෙන් පැමිණිලි ලැබීම හේතුවෙන්.

විදෙස් රටවල සිටින ලාංකිකයින් ලක්ෂ 15කට රතු එළියක්..කල් තියා අනතුරු අඟවයි.

විදෙස් රටවල සිටින ලාංකිකයින් ලක්ෂ 15කට රතු එළියක්..කල් තියා අනතුරු අඟවයි.


පැමිණිලි වැඩි වශයෙන් ලැබී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර, මාස දෙකක් තිස්සේ තමන්ට මුදල් නොලැබුණු බව සඳහන් කරමින් බස්නාහිර පළාතේ ඇතැම් පාසල්වලට දිවා ආහාරය සැපයීම නතර කර තිබෙන අතර සැපයුම්කරුවන් විදුහල්පතිවරුන්ට දන්වා ඇත්තේ එම මුදල් ලැබෙන තෙක් ආහාර සැපයීම කළ නොහැකි බවයි.

අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේ, මින් පෙර ද මුදල් ගෙවීම මාස දෙක තුනක් ප්‍රමාද වූ අවස්ථා පැවති නමුත් ආහාර සැපයීම අඛණ්ඩව ක්‍රියාත්මක කළ මෙම සැපයුම්කරුවන් මෙවර මෙම ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ ආණ්ඩුව අපහසුතාවට පත් කිරීමේ අරමුණින් බවයි.

මුදල් තිබියදීත් ගෙවීම් නොකර සැපයුම්කරුවන් අපහසුතාවට පත් කරන අයුරින් කටයුතු කරන්නේ දීර්ඝ කාලයක් තිස්සේ කලාප කාර්යාලවල සේවය කරන දේශපාලනයට සම්බන්ධ නිලධාරීන් යැයි පවසයි.

අද මේ ලග්න වල අය අනිවාර්යෙන්ම දැඩි ඉවසිල්ලෙන් වැඩ කරන්න..එම ලග්න මෙන්න.

අද මේ ලග්න වල අය අනිවාර්යෙන්ම දැඩි ඉවසිල්ලෙන් වැඩ කරන්න..එම ලග්න මෙන්න.


මීගමුව කලාපයට අයත් පාසල් කිහිපයකම ද මෙම ගැටලු සහගත තත්ත්වය උද්ගත වී ඇති බව වාර්තා වනවා.