රාජ්‍ය ආයතන රැසක් සම්බන්ධයෙන් රතු එළියක්..

Government Employee Sri Lanka
By Aruna Sep 18, 2022 03:35 AM GMT
Aruna

Aruna

Report

ආයතන වලට ලිපි ද්‍රව්‍ය ගන්නවත් සල්ලි නෑලු මුදල් නොමැතිවීම හේතුවෙන්, අමාත්‍යංශවල, දෙපාර්තමේන්තු හා රජයේ සංස්ථා මණ්ඩලවල කටයුතු කරගෙන යාම බරපතළ ගැටලුවක් වී ඇතැයි වාර්තා වේ.

මේ තත්වය මත එම ආයතනවල අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යාමේ දී ගැටලු මතුව ඇතැයි ප්‍රධාන පෙළේ අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරු සඳහන් කළහ.

ඇතැම් ආයතනවල එදිනෙදා කටයුතු සඳහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය සොයා ගැනීම මෙන්ම,අත්‍යවශ්‍ය සේවකයන් සදහා අතිකාල දීමනා ගෙවීම් ආදිය ද බරපතළ ගැටලුවක් වී ඇතැයි දැනගන්නට ඇත.

අමාත්‍යංශවල අලුතෙන් ව්‍යාපෘති ආරම්භ කිරීම පමණක් නොව, ආරම්භ කළ ව්‍යාපෘති පවා පවත්වාගෙන යෑමට ද නොහැකි තත්ත්වයක් වාර්තා වේ.

මේ අතර ,සෞඛ්‍ය ,අධ්‍යාපන ,මහාමාර්ග ,නිවාස ආදී අමාත්‍යාංශවල කොන්ත්‍රාත්කරුවන් හා සැපයුම්කරුවන් වෙත ගෙවීමට ඇති හිග බිල්පත් ප්‍රමාණය කෝටි විසිදහසකට අධික බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

 රජයේ සංස්ථා-මණ්ඩල ගණනාවක සේවක වැටුප් ගෙවීම ද මේ වන විට බරපතළ අර්බුදයකට ලක්ව ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now