රාජ්‍ය සේවයේ 53000කට කරන්න යන දේ මෙන්න...ජනපති ප්‍රභලයින් 03කට පවරයි.

Sri Lanka Wasudewa nanayakkara Government servant Dinesh gunawardhane Dullas alahapperuma
By Aruna Sep 15, 2021 04:18 AM GMT
Aruna

Aruna

Report

දැනට පුහුණුවීම් ලබමින් සිටින උපාධිධාරීන් 53,000ක පිරිස මාස තුනක් ඇතුලත රාජ්‍ය ආයතනයන්හි සේවා සඳහා ස්ථානගත කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැබිනට් රැස්වීමේදී උපදෙස් දුන් බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

අධ්‍යාපන ඇමැති, දිනේෂ් ගුණවර්ධන, පළාත් සභා හා පළාත් පාලන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් සහ ජලසම්පාදන ඇමැති වාසුදේව නානායක්කාර මහත්වරුන්ට එහි වගකීම පැවරීමටද ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා.

කැබිනට් තීරණ දැනුම් දීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (14) පැවැති මාධ්‍ය හමුවේදී ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා මේ බව කියා සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now