සතියකට වැඩ කරන දින ගණන අඩු කරයි!!...ඉදිරියෙදි වෙන්නෙ මෙහෙමලු..

Government Employee Sri Lanka
By Aruna Jun 05, 2022 10:54 PM GMT
Aruna

Aruna

Report

ඉන්ධන හා මූල්‍ය ගැටලු හමුවේ රාජ්‍ය නිලධාරීන්ගේ වැඩ කරන දින පහ දින හතරක් දක්වා අඩු කිරීමට සැලසුම් සකස් කිරීමට නියමිතව ඇති බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා..

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, පරිසර දිනයට සමගාමීව මී පැළ රෝපණය සහ බෙදා දීමේ වැඩසටහනකට ඊයේ (05) දින නුගේගොඩ මාදිවෙල කේතුමතී විහාරස්ථානය පැවැති උත්සවයේ අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් .

ඒ අනුව සිකුරාදා දිනය නිවසේ සිට රාජකාරී කිරීමට රාජ්‍ය සේවකයන්ට සිදුවනු ඇත .

ඊට අදාළ ප්‍රතිපත්තිය තීරණය ඉදිරියේ දී අමාත්‍ය මණ්ඩලයට යොමු කර තීරණයක් ගැනීමට නියමිතයි.

මෙම අවස්ථාවට කේතුමති විහාර විහාරාධිපති ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ බෞද්ධ හා පාලි අධ්‍යයනාංශයේ අංශාධිපති මහාචාර්ය නායිම්බල ධම්මදස්සි නායක ස්වාමීන් වහන්සේ ගේ අනුශාසකත්වය ලැබුණු අතර කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා සහ හිටපු පළාත් සභා මන්ත්‍රී සුලෝචන ගමගේ යන මහත්වරුන් සහභාගී විය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now