රජයේ පාසල් සිසුන් සම්බන්ධයෙන් ගැටලුවක් - මෙහෙම ගියොත් පාසල් හැමදාටම වහයි
අධ්‍යාපන අමාත්‍යාංශයේ නවතම සංඛ්‍යාලේඛන අනුව, පෙර වසරට සාපේක්ෂව පසුගිය වසරේ රජයේ පාසල්වල සිසුන් සංඛ්‍යාව හැට හය දහස් හතරසිය පනස් හතරකින් අඩු වී තිබේ.
පෙර වසරේ තිස්අට ලක්ෂ අසූදෙදහස් හයසිය අසූඅටක් වූ සිසුන් සංඛ්‍යාව පසුගිය වසරේ තිස්අට ලක්ෂ දහසයදහස් දෙසිය තිස්හතරක් ලෙස වාර්තා වී තිබේ.
විශේෂයෙන්, සිංහල මාධ්‍ය සිසුන් සංඛ්‍යාව හැටඅට දහස් එකසිය හතළිස් එකක් දක්වා අඩු වී තිබේ, දෙමළ මාධ්‍ය සිසුන් සංඛ්‍යාව එකොළොස්දහස් නවසිය එකොළහක් ලෙස අඩු වී ඇත. එහෙත්, ඉංග්‍රීසි මාධ්‍ය සිසුන් සංඛ්‍යාව දහතුන් දහස් පන්සිය අනූ අටකින් වැඩි වී ඇති බවද වාර්තාවේ සඳහන් වේ.
පස්වැනි ශ්‍රේණියේ සිසුන් සංඛ්‍යාව 13,576කින් ද, හතරවැනි ශ්‍රේණියේ සිසුන් සංඛ්‍යාව 15, 813කින්ද මෙලෙස අඩු වී තිබෙන අතර තුන්වැනි ශ්‍රේණියේ සිසුන් 11,742ක් හා දෙවැනි ශ්‍රේණියේ සිසුන් 3,326ක් ද අඩු වී ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශයේ අලුත්ම වාර්තාවට අනුව පාසල් සංඛ්‍යාව 10,096 සිට 10,076 දක්වා අඩු වී තිබේ. පෙර වසරට සාපේක්ෂව පසුගිය වසරේ දී 1 වැනි ශ්‍රේණියට ඇතුළත්වීම් ද පන්දහස් තුන්සිය හතළිස් හයකින් අඩු වී ඇත. සිංහල මාධ්‍ය සිසුන් සංඛ්‍යාව 5,325කින් එලෙස අඩු වී තිබෙන අතර දෙමළ මාධ්‍ය සිසුන් ඇතුළත්වීම් අඩු වී ඇත්තේ 52කිනි.
තවද රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන් සංඛ්‍යාව පසුගිය වසරේ දී එක්ලක්ෂ තිස්හත් දහස් අටසිය අසූහයක් වන අතර එය පෙර වසරට සාපේක්ෂව සිසුන් 17 දෙනකුගේ වැඩිවීමකි.