ඊයේ හවස පොලීසියට ඔත්තුවක් ලැබිලා කෝටි පහකට බඩුත් එක්ක හොරු මාට්ටු

Report

ඊයේ (15) සවස් කාලයේ දී රුපියල් කෝටි 05කට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මෙහෙයුම වත්තල පොලිස් වසමේ බංගලාවත්ත ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ට ලැබුණු ඔත්තුවක් මත සිදුවූ බව වාර්තා වේ.

අමාත්‍ය ලාල්කාන්තට නරක ලෙඩක් මට හැමදේම ලියලා දෙන්න ඔහුගේ කටින්ම කියයි

අමාත්‍ය ලාල්කාන්තට නරක ලෙඩක් මට හැමදේම ලියලා දෙන්න ඔහුගේ කටින්ම කියයි

පසුව පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි දිවයින පුරා ශ්‍රී ලංකා පොලීසිය සිදුකරන අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමට අදාළව මෙම වැටලීම සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ කේරළ ගංජා කිලෝ 309 කට ආසන්න ප්‍රමාණයක් තිබූ බව වාර්තා වේ.

ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු වෙන්නේ මෙහෙමයි

ලොහාන් රත්වත්තේගේ අවසන් කටයුතු වෙන්නේ මෙහෙමයි

මෙම සැකකරුවන් අවුරුදු 43 සහ 49ක් වන ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් කුලියට ලබාගත් නිවසක කාමරයක් තුළ සඟවා තිබියදී මෙම කේරළ ගංජා තොගය පොලිස් සොයාගෙන ඇත.

අත්අඩංගුවට ගත මෙම සැකකරුවන් අද (16) දින වැලිසර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට සුදානම් බව වාර්තා වේ.