ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව නිල ඇදුමක් හදුන්වා දෙයි
Cricket
Sri Lanka Cricket
Sinhala news
gagana news
By Mithu
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) සිය නව නිල ඇඳුම ප්‍රසිද්ධිය කර ඇත. සඳහා අනුග්‍රාහකත්වය දක්වන Moose Clothing Company සමඟ එක්ව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව නිල ඇඳුම් කට්ටල පසුගියදා එළිදක්වනු ලැබුවා.
මෙම නව නිල ඇඳුම් සියලුම තරග ආකෘති සඳහා හඳුන්වා දී තිබේ. අධි තාක්ෂණික නව රෙදි වර්ග යොදාගෙන නිර්මාණය කර ඇති මෙම නව ජර්සි, ක්‍රීඩකයන්ගේ සුවපහසුව, ශ්වසන පහසුව සහ ක්‍රීඩා පිටියේදී වඩා හොඳින් ක්‍රියාකිරීමට අවශ්‍ය නම්‍යශීලී බව තහවුරු කරන බවයි එම ආයතනය පවසන්නේ.
එළඹෙන සිම්බාබ්වේ තරග සංචාරය අතරතුරදී ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම සිය එක්දින (ODI) සහ විස්සයි-20 (T20I) තරග සඳහා මෙම නව නිල ඇඳුම් කට්ටල ප්‍රථම වරට භාවිතා කිරීමට නියමිතයි.