නමට දඬුමොණරා කියපුවා වගේ නෙවෙයි ඇත්තටම රාවණාගේ දඬුමොණරු 19ක් ගොඩගන්න ලක ලෑස්තියක්

Report

රාවණා රජු ස්ථාන 25ක සඟවා ඇති බව පවසන ගුවන් යානා 19ක් ගොඩ ගැනීමට සිවිල් ගුවන් සේවා අධිකාරියේ පර්යේෂණ අංශය සූදානම් වන බවට වාර්තා වේ.

ඒ අනුව මේ වන විට සොයාගෙන ඇති මෙම ස්ථාන 25 පිළිබඳව තොරතුරු රැසක් සිවිල් ගුවන් සේවා අධිකාරියේ පර්යේෂණ අංශයෙන් තහවුරු කරගෙන තිබෙනවා.

මෙම ගුවන් යානා රාවණා රජු විසින් නිෂ්පාදනය කරන ලද ඒවා බවත් එම යානා රසදිය සහ වෙනත් රසායනික ද්‍රව්‍ය යොදාගෙන ගුවන් ගතකර ඇති බවත් සිදු කරනු ලැබූ පරීක්ෂණවලදී හෙළි වී ඇති බව එම අංශය පවසයි.

සුළු මොහොතකට පෙර හිටපු මන්ත්‍රී වෙඩි තබා ඝාතනය කරයි

සුළු මොහොතකට පෙර හිටපු මන්ත්‍රී වෙඩි තබා ඝාතනය කරයි

එසේම මෙම පරීක්ෂණ අංශය ගුවන් යානා එකල කුරුණෑගල, වාරියපොල, සීගිරිය. දඹුල්ල, බදුල්ල, මහියංගනය, හම්බන්තොට යන පළාත්වල ගල්ගුහා තුළ සහ පොළොව අභ්‍යන්තරයේ සඟවා ඇති බවට තොරතුරු රැසක් හෙළි කර ගැනීමට ද සමත් වී තිබෙන බව වාර්තා වේ.

එහිදී අනාවරණය වී ඇත්තේ රාවණා රජුගේ ගුවන් යානා පාලනය කිරීමට වෙනම පුද්ගලයකු ද සිටි බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිවිල් ගුවන් සේවා අධිකාරියේ පර්යේෂණ, සංවර්ධන හා සැලසුම් අංශයේ කළමනාකරු නුරංග අධිකාරි මහතා මෙම ගුවන් යානා සඟවා ඇති ස්ථාන පිළිබඳව නිශ්චිතවම තහවුරු කර ගැනීමට හැකියාව පවතින්නේ කාබන් පරීක්ෂණයක් මගින් පමණක් බව සඳහන් ක‍ළා.

නැවතත් අතිශය භයානක රෝගයක් හිස ඔසවයි වැඩි ප්‍රමාණයක් දරුවන්

නැවතත් අතිශය භයානක රෝගයක් හිස ඔසවයි වැඩි ප්‍රමාණයක් දරුවන්

එසේ වුවද ඒ වෙනුවෙන් විශාල මුදලක් වැය වනු ඇති බවත් එක් කාබන් පරීක්ෂණයක් කිරීමට පමණක් රුපියල් ලක්ෂ 20කට අධික මුදලක් වැය වන බවත් එය මෙරට දී සිදු කිරීමට තරම් තාක්ෂණික හැකියාවක් නොමැති බවත් ඔහු කියයි.

එමෙන්ම එම කාබන් පරීක්ෂණය සිදුකිරීමට යොදාගනු ලබන තාක්ෂණය ඇත්තේ ඇමෙරිකාවේ පමණක් බවත් ඔහු පවසයි.

රාවණා රජුගේ මෙම ගුවන් යානා සොයා ගැනීමේ ව්‍යාපෘතියක් 2020 වසරේදී ආරම්භ කෙරුණා.

එහෙත් ඒ සඳහා එවකට පැවති රජය අවශ්‍ය තරම් මූල්‍ය ප්‍රතිපාදන නොදීම නිසා එම ව්‍යාපෘතිය අතරමගදී නැවැත්වීමට සිදුවී තිබෙන බව සඳහන්.

අද දින ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අතමිට සරු වෙන දවසකි.. සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළටම

අද දින ව්‍යාපාරවල නිරත වෙන්නන්ට අතමිට සරු වෙන දවසකි.. සමාජයේ සැළකිලි සහ කීර්තිය ඉහළටම