කීරි සම්බා මිල ඉහළ යෑම පාලනය කරන්න කීරි සම්බා ආනයනයට අනුමැතිය

Report

වෙළෙඳපොළේ කෘත්‍රිමව ඇති කර ඇති කීරි සම්බා සහල් හිඟය සහ එහි මිල ඉහළ යෑම පාලනය කිරීම සඳහා අවශ්‍ය නම් කීරි සම්බා ආනයනය කිරීමට රජය සූදානම් බව කැබිනට් ප්‍රකාශක සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (16) ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදීය. ඔහු සඳහන් කළේ, මෙවර මහ කන්නයේදී ගොවීන් විසින් කීරි සම්බා වගා කිරීම අඩුවී ඇති බවත්, එම හිඟය පිරිමැසීම සඳහා අවශ්‍ය පරිදි කීරි සම්බා ආනයනය කිරීමට රජය සූදානම් බවත්ය.

"අස්වනු සම්බන්ධයෙන් තබන ලද ඉලක්කවලට ගොවීන් ළඟාවෙලා තියෙනවා. නමුත් වගා කිරීමේදී කීරි සම්බා වගාකරලා තියෙන්නේ 7%ක් පමණයි. වර්ගයක් හැටියට කීරි සම්බා වගාකරපු ප්‍රමාණය අඩුවෙලා තියෙනවා. නමුත් සමස්ථ නිෂ්පාදනයේ අඩුවක් නෙමෙයි තිබෙන්නේ."

"මහ පරිමාණ වී මෝල් හිමියන් කීරි සම්බා තබාගෙන ඉන්නවද කියන එක සම්බන්ධයෙන් මේ වෙලාවේ උත්තරයක් දෙන්න බැහැ. ඒ සම්බන්ධ තොරතරු මගේ ළඟ නැති නිසා. ඒ වගේම මෙට්‍රික්ටොන් 40,000ක් ආනයනයට අනුමැතිය ලබාගෙන තිබෙනවා. අවශ්‍ය වුණොත් ඒ ප්‍රමාණය ගෙන්වන්න පුළුවන්. කෙසේ නමුත් තාමත් ඒ ගැන තීන්දුවක් ගෙන නැහැ."

හරක් කටා මරන සැලැස්මකින් පද්මෙගෙයි - සලින්තගෙයි ප්ලෑන් එක ලුතිනන් කර්නල් වමාරයි

හරක් කටා මරන සැලැස්මකින් පද්මෙගෙයි - සලින්තගෙයි ප්ලෑන් එක ලුතිනන් කර්නල් වමාරයි

මහා පරිමාණ වී මෝල් හිමියන් විසින් කෘත්‍රිම හිඟයක් ඇති කරමින් කීරි සම්බා සහල් පාලන මිලට වඩා ඉහළ මිලකට අලෙවි කරන බව වාර්තා වේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් 2024 දෙසැම්බර් 09 වැනිදා නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව, කීරි සම්බා සහල් කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 260ක් වුවත්, වර්තමානයේ එය රුපියල් 320ත් 340ත් අතර මිලකට අලෙවි වන බව සඳහන් වේ.

තවද, සමහර සුපිරි වෙළෙඳසැල්වල කීරි සම්බා කිලෝග්‍රෑම් 5ක ඇසුරුමක් රුපියල් 1,300කට අලෙවි විය යුතු වුවත්, ඊට අමතරව රුපියල් 325ක බිල්පත් ගාස්තුවක් එකතු කර රුපියල් 1,625කට අලෙවි කෙරෙන බව වාර්තා වේ.

මෙම තත්ත්වය එලෙසම පැවතුනහොත්, කීරි සම්බා කිලෝවක මිල රුපියල් 400 දක්වා ඉහළ යා හැකි බවට වෙළෙඳපොළ තොරතුරු අනතුරු අඟවයි. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා රජය ඉදිරි පියවර ගන්නා බවත්, ආනයනික සහල් බෙදාහැරීම තුළින් පාරිභෝගිකයන්ට සහන සැලසීමට කටයුතු කරන බවත් අමාත්‍ය ජයතිස්ස වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

වසන්තගේ ධනය වැඩිවීම අටවන ලෝක පුදුමයක් - කාවින්ද ජයවර්ධන

වසන්තගේ ධනය වැඩිවීම අටවන ලෝක පුදුමයක් - කාවින්ද ජයවර්ධන

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ටත් ඡන්දේ දාන්න ක්‍රමයක්

විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ටත් ඡන්දේ දාන්න ක්‍රමයක්