මේක නම් අපරාධයක් රජය සුවසැරිය වෙනස් කරන්න යනවා -හර්ෂ ද සිල්වා
සුවසැරිය' ගිලන් රථ සේවාවේ නම, ලාංඡනය මෙන්ම වර්ණය වෙනස් කිරීමට වත්මන් රජය සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා චෝදනා කරනවා එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පවසා සිටියේ මෙවන් අදහසක්.
”2018 අංක 18 දරණ දහනමයයි අනූවයි සුවසැරිය පනත, මේ පනත මම ඉදිරිපත් කලේ 2018 ජූනි මාසේ 1 වැනිදා. මම කියනවා මෙම පනත් කෙටුම්පතේ පරමාර්ථය තමයි දහනමයයි අනූව කියන සුවසැරිය පදනමක් නිර්මාණය කරලා ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ රටේ ඕනම තැනැත්තෙක්ව පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන් රථ සේවාවක් හදිසියේ නොමිලේ සපයන්න කියලා. ඒකට නිශ්චිත පරමාර්ථයක් තියෙනවා.
නිශ්චිත පරමාර්ථය මේ පනතේ පැහැදිලිව කියලා තියෙනවා පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන් රථ සේවාවක් කියලා. මේකට ලෝගෝ එකක් තියෙනවා. අද වෙනකොට ඕනම කෙනෙක් කරදරයක් උනහම සුවසැරිය ගිලන් රථ සේවාවට කතා කරනවා. අද රටේ වැඩිපුරම ආදරේ කරන සේවාව සුව සැරිය.
ලොකු ගරුත්වයක් තියෙනවා ලොකු විශ්වාසයක් තියෙනවා. නමුත් කනගාටුවෙන් කියන්න කැමතියි ඒකට දැනුම් දීමක් කරලා තියෙනවා මේක වෙනස් කරන්න කියලා.සුවසැරිය කියන එක අයින් කරන්න කියලා . දහනමයයි අනූවෙන් සුවසැරිය කියන එක අයින් කරන්න කියලා කියනවා. ඊට පස්සේ පාට වෙනස් කරන්න කියලා තියෙනවා.
ඇයි මෙහෙම කරන්නේ. පාට දාන්න කියනවා. අපි මේක ගෙනාවේ යම් වැඩකට. පූර්ව රෝහල් ප්‍රතිකාර සේවාවක් මේක. හදිසි ගිලන් රථ සේවාවක් නෙමෙයි මේක. මම ඉතාමත් ඕනකමෙන් ඉල්ලනවා මේක විනාස කරන්න එපා.”
පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන් රථ සේවාවක් ලෙස ‘සුවසැරිය’ ක්‍රියාත්මක වන බවත්, එයට නියමිත ලාංඡනයක් ඇති බවත්, රටේ වැඩිපුරම ආදරය කරන සේවාව 'සුවසැරිය' වන බවයි පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ. සුවසැරිය යනු ගිලන් රථ සේවාවක් නොවන අතර, එය පූර්ව රෝහල් ප්‍රතිකාර සේවාවක් බැවින්, එය විනාශ කර නොදමන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.