රජයෙන් වාහනවලට කරන්න යන අලුත්ම වෙනස මෙන්න
By Mithu
හැටන් නගරයේ පිහිටි නෝර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී රටම එකට ජාතික මෙහෙයුමේ වැඩසටහනට සමගාමීව ජනතාව දැනුවත් කිරිමේ වැඩසටහනක් සහ වාහනවල ස්ටිකර් ඇළවීම නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. වන මංජුල සුරවීර ආරච්චි මහතා සහ ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවියගේ ප්‍රධානත්වයෙන් (09) දින පැවැත්විණ.
‘විකුණන, ලොල් වුණු සැමට දැනුම් දීමයි, ඉවත්වනු’ යන මැයෙන් අත්පත්‍රිකා බෙදා දීමක්ද මෙම වැඩසටහනට සමගාමීව සිදු කර තිබේ.
මෙම අවස්ථාවට නෝර්වුඩ් ප්‍රාදේශිය ලේකම් සමීර ගම්ලත්, හැටන් දික්ඔය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න, හැටන් පොලිසියේ නිළධාරින් ඇතුලු විශාල පිරිසක් සහභාගි වූ බව වාර්තා වේ.
මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට සියල්ලගෙම සහයෝගය අවශ්‍ය බවද වැඩිදුරටත් සදහන් කර තිබේ.