පෞද්ගලික අංශයේ සේවකයන්ට රජයෙන් රක්ෂණයක්. (VIDEO)
By Wayomi
රාජ්‍ය සේවකයන් වෙනුවෙන් ලබාදෙන අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමයට සමාන රක්ෂණ යෝජනා ක්‍රමයක් පෞද්ගලික අංශයේ සේවකයන් වෙනුවෙන් ලබාදීමට රජය කටයුතු යොදා තිබෙනවා.
ඒ අනුව අදාළව සේවක භාර කාර අරමුදල් පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා දුන් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසා සිටියා.
"අයවැය කථාව කිරීමේදී ජනපතිවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා රාජ්‍ය අංශයේ සේවකයන්ට ලබාදෙන අග්‍රහාර රක්ෂණාවරණය මෙන් වූ රක්ෂණ ක්‍රමයක් පෞද්ගලික අංශයේ සේවකයන්ට ලබාදීම සම්බන්ධව. අග්‍රහාර රක්ෂණයෙන් රාජ්‍ය සේවකයන්ට ඉතා හොඳ සෞඛ්‍ය රක්ෂණයක් ලබාදෙනවා.
පෞද්ගලික අංශයට පොදු රක්ෂණ ක්‍රමයක් නෑ. මෙහිදී සේවක භාරකාර අරමුදල් පනත සංශෝධනය කිරීමට සිදුවන නිසා පනත් කෙටුම්පත් සංශෝධනය කිරීමට උපදෙස් දීමට අනුමැතිය ලබාදුන්නා"
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |