ඡන්ද කටයුතු සඳහා රාජ්‍ය ආයතන තහනම් කෙරේ...
By Parami Dissanayake
රජය සහ රාජ්‍ය ආයතන සතු නිවාඩු නිකේතන, සංචාරක නිකේතන මෙන් ම, තානායම් යනාදිය මැතිවරණ දේශපාලන කටයුතු වලට සිටින කිසිදු දේශපාලකයෙකුට, නිලධාරියෙකුට හෝ වෙනත් පුද්ගලයෙකුට නොදෙන ලෙස මැතිවරණ කොමිසම විසින් සියලුම ආයතන ප්‍රධානින්ට ලිපියක් මඟින් දැනුම් දී ඇත.
එමෙන් ම, රජයේ ගොඩනැගිලිවල මෙන් ම, ඒවා පිහිටි භුමියේ දේශපාලන පක්ෂ හෝ අපේක්ෂකයින්ගේ දැන්වීම්,කටවුට්, පෝස්ටර් ආදිය ප්‍රදර්ශනය කිරීමට හෝ ගබඩා කිරීමට ඉඩ නොදිය යුතු ය.
තව ද, දේශපාලන අයිතිවාසිකම් අහිමි නිලධාරින් නිවාඩු ලබාගෙන හෝ කිසිදු එවැනි කාර්යයක නිරත නොවිය යුතු බව ද එම නිවේදනයේ සඳහන් ය.