රජයේ රෝහල් වල හෙදියන් අලුතින්ම කරන්න හදන දේ මෙන්න..?

covid19 PCR test nurses government hospital saman rathnapriya
By Sewvandhi Sep 13, 2021 01:17 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදුකරන පරීක්ෂණ වලට අවශ්‍ය වන ජිව සාම්පල ලබාගැනීමේ කටයුත්තෙන් රජයේ රෝහල්වල හෙද නිලධාරීන් පිරිසක් වැළකී සිටින බව වාර්තා වෙයි.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරන්නේ හෙද කාර්ය මණ්ඩලයට මෙම නිදර්ශක ලබාගැනීම රාජකාරී මට්ටමින් පවරා නැති නිසා තම සංගමය මෙම රාජකාරීන් ඉවත් වීමට තීරණය කර ඇති බවයි.

කොරෝනා වසංගතය ආරම්භයේ සිටම හෙද නිලධාරීන් මෙම කාර්යයේ යෙදී සිටියද එය ඔවුන්ගේ රාජකාරියක් බවට ලිඛිතව නිල වශයෙන් පවරන ලද ලෙස අමාත්‍යංශයෙන් ඉල්ලුවද එය මෙතෙක් සිදුකර නැති නිසා මෙම ඉවත් වීමට තීරණය කළ බවයි.

රාජකාරි වගකීමක් නැතිව යම් ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇතිවුවහොත් එය හෙද කාර්ය මණ්ඩලයට අයත් නොවන රාජකාරියක් ලෙසට ගැටළු ඇතිවන නිසා රාජකාරියක් සේ ලිඛිතව පවරන ලෙස ඉල්ලුවද මෙතෙක් එය ඉටුවී නැතැයි ද ඔහු තවදුරටත් පැවසීය.

--------------------------------------------------------------

කොවිඩ් ආසාදිතව දරුවන් මිය යෑම වැඩි වෙලා - වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ-:


 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now