නාමල් කියන්නේ ගොවීන්ට රිලව් ගණින්න ගස් උඩ බලාගෙන ඉන්න කියලද? - සීලරතන හිමි
මහ පොළොව සමඟ හැප්පෙමින් දුක් විඳින ගොවීන්ට ඊළ වූ ගණන් කිරීමට ගස් උඩ බලා සිටීමට කාලයක් නොමැති බවවත් වටහා ගැනීමට බැරි කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැතිවරයකු සිටින රටක් බවට වර්තමානයේ මේ රට පත්වී ඇතැයිද එතුමාගේ ටිකිරි මොළය ළදරු පාසල් දරුවකුට සමාන බව මේ යෝජනාවෙන් ජනතාව අවබෝධ කරගෙන ඇතැයිද ජනසෙත පෙරමුණේ නායක පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමිපාණන් වහන්සේ පසුගියදා පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසූහ.
උන්වහන්සේ මෙසේද පැවැසූහ.
".. ලංකා ඉතිහාසයේ හොඳම අය - වැය ඉදිර්පත් කළා කියලා අය-වැය සම්මත කරගත්තා. නමුත් දේශීය කර්මාන්ත කඩා වැටිලා. ගොවීන් මහ පාරේ. හාල් පොල් මිල ඇහුවම එලොව පොල් පේනවා.. කකුළුවා වතුර හැළිය උතුරන තුරු දියයුං ගහනවා වගේ 2028 වෙනකන් මේ රජයත් කයිවාරු ගහනවා.
දුප්පතුන්ගේ ආණ්ඩුවක් ගේනවා කියලා එදා රුපියල් 130.00ට තිබුණු හාල් කිලෝව අද250.00ට මිල ඉහළ යන තරමට රට සංවර්ධනය වෙලා. 2028 වසරේදී ලාංකේය ජනතාවගේ ඉරණම සෝමාලියාවට සමාන වෙනවා. මේ විදියට වගා හානි කරන වන සතුන් අල්ලන්න පුළුවන්ද කියලා කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න ගොව්බිමකට ගිහින් පූර්වාදර්ශයක් දුන්නොත් ගොවීන් එතුමා අනුගමනය කරයි කියලා මට විශ්වාසයි. නාමල් කරුණාරත්ත මහත්තයා රිළවුන්, මොනරුන්, දඬුලේනුන් මාර්ත්තු 15 වෙනකොට සංගණනය කරන්න ගොවීන්ට විනාඩ් පහක් දීලා රටේ ජනතාවගේ සමච්චලයට ලක්වුණා.."
