මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනයට වීරකැටියේ රාලහාමිගෙන් උණ්ඩ 12ක්!
මිද්දෙණිය ප්‍රදේශයේ සිදුකළ ත්‍රිත්ව ඝාතනයක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවල කිසියම් සාර්ථක ප්‍රතිඵල මේ වන විට ලැබී ඇති බව ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පොලිස් කණ්ඩායම් කියති.
ඒ අතර පොලිස් නිලධාරින් දෙදෙනකු සහ හිටපු යුද හමුදා සාමාජිකයන් දෙදෙනකුද වේ.
සිද්ධියෙන් ඝාතනය වන්නේ මිද්දෙණියේ අරුණ ප්‍රියන්ත හෙවත් කජ්ජා සහ ඔහුගේ කුඩා දරුවන් දෙදෙනායි. විමර්ශන නිලධාර්න් පවසන්නේ කජ්ජා සහ දරු දෙදෙනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 7 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවය. ඒ අතර පොලිස් නිලධාරින් දෙදෙනකු සහ හිටපු යුද හමුදා සාමාජිකයන් දෙදෙනකුද වේ.
සැකකරුවන්ගේ ප්‍රශ්න කිරීම් මත අවසන් වරට අත්අඩංගුවට ගැනුණු පුද්ගලයාද පොලිස් කොස්තාපල්වරයෙකි. මිද්දෙණිය පොලිසියේ කණ්ඩායමක් විසින් මෙම කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබුණේ වීරකැටිය ප්‍රදේශයේදීය. 36 හැවිරිදි ඔහු ජුලම්පිටිය. ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර වීරකැටිය පොලිසියට අනුයුක්තව රාජකාරි කළේය.
පොලිසිය ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළේය. ඒ අනුව හෙළිවන්නේ කජ්ජා ඇතුළු දරුවන් දෙදෙනා වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සැකකරුවන්ට ටී. පනස් හය පතරොම් 12ක් ලබාදී ඇත්තේ මෙම කොස්තාපල්වරයා බවය.
කජ්ජා සහ දරු දෙදෙනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසාගේ මෙහෙයවීම මත තංගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් සෙනෙව්රත්නගේ උපදෙස් මත මිද්දෙණිය පොලිසිය සහ තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරති.
